Wednesday, November 11, 2026
HomeNEWSතව තවත් සීනි තොග සොයාගනී

තව තවත් සීනි තොග සොයාගනී

සීනි තොග නිසි ලෙස වෙළෙඳපොළට නිකුත් නොකරමින් රට තුළ කෘතිම සීනි හිඟයක් ඇති කරන මාහපරිමාණ ව්‍යාපාරිකයින් ගණනාවක් පිළිබඳ තොරතුරු ‘අද දෙරණ උකුස්සා’ ඉකුත් දින දෙකේදී නීතියේ රැහැනට හසුකර දුනි.

ඉන් නොනැවතුණු ‘උකුස්සා’ අද දිනයේදීත් අහිංසක මිනිසුන් සූරාකෑමේ අරමුණින් සීනි තොග සඟවාගෙන සිටින හැඳල කෙරවලපිටියේ ස්ථානයක් වෙත ගියේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් ද සමගය.

එහිදී තහවුරු වුයේ පෙරේදා දිනයේදි උකුස්සා වත්තල මාබෝල ප්‍රදේශයේදී සොයාගත් බලපත්‍ර නොමැතිව රහසිගතව සගවාගෙන සිටි සීනි මෙට්‍රික්ටොන් 4,800ට හිමිකම් කියන ව්‍යාපාරිකයාට මෙම සීනි ගබඩාවද අයත් බවය.

සිදුකරන ලද ප්‍රශ්න කිරිම්වලදී අනාවරණ වුයේ බලපත්‍රයක් නොමැතිව එම ගබඩාව පවත්වාගෙන යන බවය. 

ගබඩාව පරීක්ෂා කිරීමේදී එහි සීනි මෙට්‍රික්ටොන් 4,000ක් රඳවාගෙන සිටින බවට තහවුරු කර ගැනුණි.

පසුව ගබඩාව මුද්‍ර තැබීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් කටයුතු කළේය.

ඒ අතර ‘උකුස්සා’ කිරිබත්ගොඩ පොලිස් නිලධාරින් සමග අද පෙරවරුවේ කිරිබත්ගොඩ, හුණුපිටිය ප්‍රදේශයේ පිහිටි තවත් සීනි ගබඩාවක් වෙත පැමිණියේය.

බලපත්‍ර නොමැතිව පවත්වාගෙන යනු ලබන මෙම ගබඩාව තුළ සීනි මෙට්‍රික්ටොන් 800ක් රඳවාගෙන සිටින බවට එහිදී අනාවරණ කර ගැනුණි.

ප්‍රශ්න කිරීම් හමුවේ ගබඩාවේ සිටි අයෙකු බලපත්‍ර ඇති බවට ලිපි ලේඛන ඉදිරිපත් කළද එය පරීක්ෂා කිරීමේදී තහවුරු වුයේ සීනි ගබඩා කිරීමට අවසර ලබාගෙන තිබුණේ අද දිනයේදී බවය.

ඒ අනුව පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් විසින් ගබඩාවට මුද්‍රා තබනු ලැබීය.

රජය සිය බදු ආදායම ද අත්හරිමින් සීනි කිලෝවක් සඳහා සත 25ක් වැනි අවම බදු මුදලක් යටතේ සීනි ආනයනය කිරීමට මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින්ට ලබාදුන් අවස්ථාව අවභාවිත කරමින් කුප්‍රකට ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු එලෙස ආනයනය කළ සීනි තොග සඟවා රට තුළ සීනි හිඟයක් නිර්මාණය කර තිබුණි.

හිත්පිත් නැති මෙම ජාවාරම්කාර ව්‍යාපාරිකයින්ගේ අරමුණ වී තිබුණේ සීනි හිඟයක් ඇතිකර සඟවාගෙන සිටින සීනි තොග කිලෝවකින් රුපියල් 100කට වැඩි අධික ලාභයක් තබා ගනිමින් වෙළෙඳපොළට නිකුත් කිරීමය.

මේ ජාවාරම්කරුවන් පසුගිය දින දෙක තුළදී ‘අද දෙරණ උකුස්සා’ නීතියේ රැහැනට හසුකර දුන් අතර ඔවුන් සතුව තිබු සමස්ථ සීනි තොගය මෙට්‍රික්ටොන් 5,455කි.

මේ අතර ඊයේ දිනයේදී මුද්‍රා තබන ලද සීදූව බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පිහිටි සීනි ගබඩාවේ හිමිකරුවන් අද (30) පාරිභෝගික කටයුතු අධිකාරිය හමුවේ පෙනී සිටි තිබුණි.

එහිදී නිලධාරින් අනාවරණ කරගත්තේ මෙම ගබඩාව ද බලපත්‍ර නොමැතිව පවත්වාගෙන යන්නක් බවය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරියෙකු සඳහන් කළේ ඉදිරියේදී මොවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවය.

ඒ අනුව උකුස්සා පසුගිය දින දෙකේදීත් අද දිනයේදීත් නීතියේ රැහැනට හසුකර දුන් සීනි තොගය මෙට්‍රික්ටොන් 10,255ක් තරම් අතිවිශාල සීනි තොගයකි.

වසංගතයකින් පීඩාවිඳින ජනතාව ගැන කිසිදු අනුකම්පාවක් නොදක්වන මෙවැනි කූඨ ව්‍යාපාරිකයින් පසුපස හඹායන උකුස්සාගෙන් බේරීම එතරම් පහසු නොවන බව තවදුරටත් සීනි තොග සඟවාගෙන සිටින ජාවාරම්කරුවන් තේරුම් ගැනීමට ප්‍රමාද නොවිය යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img