Thursday, November 12, 2026
HomeNEWSකොවිඩ් ආසාදිත වූ දරුවන්ට වැලඳ‍ෙන MIS - C රෝගය කුමක් ද ?

කොවිඩ් ආසාදිත වූ දරුවන්ට වැලඳ‍ෙන MIS – C රෝගය කුමක් ද ?

දරුවන්ට වැලඳෙන MIS – C නැමැති රෝගී තත්ත්වයක් දිවයින පුරා විවිධ ප්‍රදේශවලින් වාර්තාවෙමින් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පවසයි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර  විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේ, කොරෝනා ආසාදනය වූ දරුවන්ගේ සති 2ත් 6ත් අතර කාලයෙන් පසු මෙම රෝගී තත්ත්වය වාර්තා වී ඇති බවය.

මෙම රෝගී තත්ත්වයන් නිසා ප්‍රතිකාර ලබන දරුවන් හේතුවෙන් මේ වනවිට රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයට තවදුරටත් දරුවන් භාර ගැනීමේ හැකියාවක් මේ වනවිට නොමැති බවද ඔහු සඳහන් කළේය.

“කොරෝනා වැලඳිලා සති 2ත් 6ත් අතර කාලයකට පසුව විශේෂයෙන්ම ළමයින්ට වැලඳෙන Multisystem inflammatory syndrome in children එහෙම නැත්නම් MIS – C කියන මෙම රෝගී තත්ත්වය වැලඳුණු ළමුන් 45 දෙනෙකුට අධික සංඛ්‍යාවකට රිජ්වේ ආර්යා ළමා රෝහලේ අපි ප්‍රතිකාර ලබාදීලා තියෙනවා. මේ මොහොතේදී මෙම රෝගී තත්ත්වයෙන් පෙළෙන දරුවන් 4 දෙනෙක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. ලංකාව පුරාම තැනින් තැන මේ රෝගය මතුවෙනවා. ඒ වගේම දැන් දැන් අපි දකිනවා අලුත ඉපදුණු දරුවන්ට ඉපදුණු වහාමත් මෙම රෝගී තත්ත්වය මතුවෙනවා. කොරෝනා හැදුනට පස්සේ ඒ දරුවාගේ ඇඟේ තියෙන ප්‍රතිදේහ අපේම ඇඟේ වෙන වෙන අවයවවලට බලපානවා. හදවතට, වකුගඩුවලට, පෙනහළුවලට, අක්මාවට බලපානවා. විශේෂයෙන්ම හෘදයවස්තුවට බලපාලා රුධිර පීඩනය අඩුවෙලා මියයන්නට පවා ඉඩ තියෙනවා. නිසි ප්‍රතිකාර ලබාදුන්නොත් සම්පූර්ණ සුවය ලබන්නත් පුළුවන්. අපේ රෝහලේ එක දරුවෙකු විතරයි මියගියේ. යම් දරුවෙකුට උණ, තදබල බඩේ කැක්කුම, වමනය, පාචනය, ඇස් රතු පැහැවීම, සමේ දද වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් වහාම වෛද්‍යවරයෙකු හමුවෙලා රෝගය පරීක්ෂා කරගන්න. මවට කොරෝනා වැලඳුණහොත් ඒ මවගේ ඇඟ තුළ ඇතිවන ප්‍රතිදේහ දරුවාට යනවා. ඒ ආකාරයෙන් තමයි දරුවාගේ අවයවවලට බලපාන්නේ. ඒ රෝගීන්ගෙන් දැඩි සත්කාර ඒකකයත් පිරිලා තියෙන්නේ. ඒකෙ තේරුම.. කොරෝනාවලින් අසාධ්‍ය වෙලා ඉන්න තවත් දරුවෙක්ව අපට භාරගැනීමේ හැකියාවක් මේ වනවිට නෑ.”

මේ අතර ඊයේ දිනයේ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් ගණන 4,562කි.

ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 436,081 ක් බව වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවේ සඳහන්ය.

ප්‍රතිකාර හා නිරෝධායන කාලසීමාව අවසන් කළ ගණන 371,992කි.

තවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 55,098 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මෙරට තුළ සිදුවී ඇති කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 8,991කි.

ඊයේ දිනය වනවිට කොවිඩ් මර්දන එන්නතක එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති සමස්ත පුද්ගලයින් ගණන 12,423,579 ක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් ගණන 7,703,411කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2027 අයවැය ඉදිරිපත් කිරීම සඳහා, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙයි

2027 අයවැය ඉදිරිපත් කිරීම සඳහා, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙයි.

නාමල් රාජපක්ෂගෙන් දකුණු කොරියානු පාර්ලිමේන්තුවට විශේෂ පණිවිඩයක්

දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු කමිටු සභාපති හමුවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිත පිරිසක් – නාමල් රාජපක්ෂගෙන් විශේෂ පණිවිඩයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) දේශපාලන...

අද(12) පළාත් කිහිපයකටම මි.මී. 100 ට අධික තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (12) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img