Thursday, November 12, 2026
HomeNEWSබියකරු ඩෙල්ටා - මාසයකදී මරණ 4,500 ඉක්මවයි

බියකරු ඩෙල්ටා – මාසයකදී මරණ 4,500 ඉක්මවයි

මෙරට කොවිඩ් තුන්වන රැල්ල ආරම්භ වූ පසුගිය අප්‍රේල් මාසයේ සිට මේ දක්වා ක්‍රමානුකූලව කොවිඩ් මරණ  වාර්තාවීම ඉහළගොස් ඇති ආකාරයක් දැකගැනීමට හැකිය.

අප්‍රේල් මාසය තුළ වාර්තා වූ කොවිඩ් මරණ ගණන 110කි.

මැයි මාසය තුළ මරණ 806ක් වාර්තා වී තිබුණි.

ජූනි මාසයේ මරණ 1,593 ක් වාර්තා වූ අතර ජූලි මාසයේ සිදු වූ කොවිඩ් මරණ ගණන 1364ක් ලෙස සඳහන් වෙයි.

එහෙත් අගෝස්තු මාසයේ ගෙවුණු දින 29 තුළ පමණක් මරණ 4,550 ක් වාර්තා වී තිබීමෙන් කොවිඩ් මරණ කැපීපෙනෙන ලෙස ඉහළයමින් පවතින ආකාරය තහවුරු වෙයි.

මෙහි විශේෂ කරුණක් වන්නේ අප්‍රේල් මස සිට ජූලි මාසය දක්වා වූ මාස 4හිම වාර්තා වූ කොවිඩ් මරණවල එකතුවටත් වඩා වැඩි මරණ ප්‍රමාණයක් අගෝස්තු මාසය තුළ පමණක් වාර්තා වී තිබීමය.

තුන්වන රැල්ල ආරම්භයේ පැවති ඇල්ෆා ප්‍රභේදයට වඩා මේ වනවිට පැතිර යන ඩෙල්ටා ප්‍රභේදයේ පවතින බියකරු ස්වභාවය මේ අනුව මනාව පැහැදිලි වෙයි.

මේ අතර ඊයේ (30) දිනයේ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් ගණන 4562කි.

වසංගත රෝග විද්‍යා අංශය නව දත්ත ඇතුළත් කිරීමෙන් පසු මේ වනවිට ගෙවුණු දින 9න් දින 6කදීම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 5000 සීමාව ඉක්මවා තිබේ.

මේ අතර, මාවනැල්ල රෝහලෙන් පළා ආ කොවිඩ්-19 ආසාදිත බවට තහවුරු වූ 67 හැවිරිදි පුද්ගලයෙකු ඇරැව්පොළ ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදීම ජීවිතක්ෂයට පත්ව තිබුණි.

නමුත් ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සාමාන්‍ය ආකාරයෙන් සිදුකරන ලෙසට ප්‍රදේශයේ හදිසි මරණ පරීක්ෂකවරයා උපදෙස්දුන් බවට ගම්වාසීන් චෝදනා කරයි.

ඔහු කොවිඩ් ආසාදිතයෙකු බවට සඳහන් සෞඛ්‍ය වාර්තාවක්ද තිබියදී ඔහුගේ මරණ සහතිකයේ ඇතුළත් කර තිබෙන්නේ ස්වභාවික මරණයක් බවයි, ප්‍රදේශවාසීන් පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2027 අයවැය ඉදිරිපත් කිරීම සඳහා, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙයි

2027 අයවැය ඉදිරිපත් කිරීම සඳහා, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙයි.

නාමල් රාජපක්ෂගෙන් දකුණු කොරියානු පාර්ලිමේන්තුවට විශේෂ පණිවිඩයක්

දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු කමිටු සභාපති හමුවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිත පිරිසක් – නාමල් රාජපක්ෂගෙන් විශේෂ පණිවිඩයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) දේශපාලන...

අද(12) පළාත් කිහිපයකටම මි.මී. 100 ට අධික තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (12) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img