හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් දොඩන්දූව ප්‍රදේශයේ පැවැත්වූ එන්නත්කරණ වැඩසටහනකදී එන්නත් ලබානොදී එන්නත ලබාගත් බවට ජනතාවගේ කාඩ්පත්වල සලකුණු කිරීමේ සිද්ධියක් පසුගියදා අනාවරණය විය.
එය අනාවරණය වූයේ එම ස්ථානයේ තරුණයෙක් එම සිදුවීම මාධ්‍යට හෙළිකිරීම හේතුවෙනි.
කෙසේවෙතත් අදාළ අනාවරණය සිදුකරමින් මාධ්‍ය වෙත අදහස් දැක්වූ පුද්ගලයාගෙන් සිද්ධිය පිළිබඳ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද (31) ගාල්ල පොලිස් ස්ථානයට කැඳවීමක් කර තිබූණි.
ඒ අනුව, ඔහු නීතිඥවරුන් පිරිසක්ද සමග එහි පැමිණ සිටි බව අප වාර්තාකරු පැවසීය.
“ජනතාව වෙනුවෙන් මම කතා කළේ. ඒ සම්බන්ධව මට ඊයේ සවස ගාල්ල පොලීසියෙන් දුරකථන ඇමතුමක් ආවා. මගෙන් ඇහුවා ඔයා ඉන්නේ කොහෙද කියලා. එතකොට කිව්වා ඔයාට එරෙහිව පැමිණිල්ලක් තියෙනවා ගාල්ල පොලීසිය හම,හමුවට එන්න. ඇවිත් සාක්ෂි දෙන්න කියලා. මට යම්කිසි බියක් තියෙනවා. මම ජනතාව වෙනුවෙන් කතාකළේ. ජනතාවගේ එන්නත වෙනුවෙන් කතාකළේ. මට බියක් තියෙනවා මාව අත්අඩංගුවට ගනී කියලා.”
මේ අතර, ජාතික අක්ෂි රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකින් හා උපස්ථායකවරුන් අද (31) පැය කිහිපයක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළේය.
ඒ එම රෝහලේ එන්නත්කරණ වැඩපිළිවෙළේ අක්‍රමිකතා හෙළිකිරීම නිසා ඇතැම් සේවකයින්ට ස්ථානමාරු ලබාදීමට බලධාරීන් පියවරගෙන ඇතැයි චෝදනා කරමිනි.






















