Wednesday, November 11, 2026
HomeNEWSවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ජනපතිට ලිපියක්.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ජනපතිට ලිපියක්.

අතිගරුජනාධිපතිගෝඨාභයරාජපක්ෂමැතිතුමා ,

ජනාධිපති ලේකම් කාර්යාලය,

ගාලු මුවදොර,

කොළඹ 01,

අතිගරු ජනාධිපතිතුමනි,

සිරගතවසිටිනරන්ජන්රාමනායකමහතාටජනාධිපතිසමාවඉල්ලාසිටීමසම්බන්ධවයි. 

පාර්ලිමේන්තු මන්ත්‍රී අප හිතවත් රන්ජන් රාමනායක මහතා 2021 ජනවාරි 12 දින සිට මේ දක්වා දින 232ක කාලයක් සිර දඬුවම් විඳිමින් සිටී. රන්ජන් රාමනායක මහතා අවංක චරිතයක් ඇත්තෙකු ලෙසත්, සත්‍ය වෙනුවෙන් කතා කරන චරිතයක් ලෙසත් කා අතරත් පිළිගැනීමක් තිබේ. කලාකරුවකු ලෙස රන්ජන් රාමනායක මහතා  වසර ගණනාවක් අඛණ්ඩව ජනප්‍රියම නළුවා ලෙසත්, ජනතාවාදී කලාකරුවකු ලෙසත්  විශාල කීර්තියක් ලබා ගෙන සිටින අතර දේශපාලනඥයෙකු ලෙස අවස්ථා රැසකදීම ඉහළම ජනතා මනාපයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූවෙකි.   දේශපාලනයෙන් හෝ  වෙන යම් කිසිම මාර්ගකින් අයථා කටයුතුවලට හෝ දූෂණවලට එතුමා සම්බන්ධ නැති බව කවුරුත් දන්නා කරුණකි.

එතුමාගේ නිදහස සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස දේශපාලන පක්ෂ, පාට භේදයකින් තොරව ආගමික නායකයින්, ප්‍රවීණ කලාකරුවන්, නීති විශාරදයින්, සිවිල් පුරවැසියන්, විශාල පිරිසක් ඉල්ලීම් කළ අතර ඔබතුමාටද එවැනි ඉල්ලීම් ගණනාවක් යොමුකර තිබිණි.

එවන් තත්ත්වයක් තුළ, රන්ජන් රාමනායකයන්ගේ නිදහස වෙනුවෙන්  මා මීට පෙර අවස්ථා කිහිපයකදීම  ඔබ තුමන්ව දැනුවත් කළ අතර ඒ  සෑම අවස්ථාවකදීම ඔබතුමන්ගෙන් ලද යහපත් ප්‍රතිචාරය පිළිබඳව කෘතවේදීව සිහිපත් කරමි.

රන්ජන් රාමනායක මහතාගේ නිදහස උදෙසා ඉහත පාර්ශවයන් නැවත නැවතත් මා වෙතින් විමසීම් සහ ඉල්ලීම් සිදුකරනු ලබන අතර, එකී ඉල්ලීම් සාධනීය බවත්, සාධාරණ බවත් මා මෙන්ම ඔබතුමාද විශ්වාස කරනු ඇතැයි අපේක්ෂා කරමි. ඒ අනුව රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා දීම පිළිබඳව ඔබතුමන්ගේ සාධනීය ප්‍රතිචාරය කඩිනමින් මා අපේක්ෂා කරමි.

ස්තූතියි.

සජිත්ප්‍රේමදාස

විපක්ෂ නායක 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img