හැටන් සතොස ශාඛාවේ කළමණාකරුට හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්රී ශෂි රත්නායක මහතා විසින් පහරදුන් බවට කළමනාකරු විසින් සතොස ඉහළ කලමණාකාරිත්වයට පැමිණිලි කර තිබේ.
නාගරික මන්ත්රී සැප්තැම්බර් 01 වනදා පස්වරු 2ට පමණ තම ශාඛාව වෙත පැමිණ රතු පරිප්පු කිලෝ දෙකක් ඉල්ලා තිබුණි.
නමුත් එම ශාඛාවට උපදෙස් දී ඇත්තේ එක් අයෙකුට කිලෝවක් පමණක් විකුණන ලෙස බවත් ඒ බව නාගරික මන්ත්රීට පැවසූ විට ඔහු තමාට බැනවැදී පහරදුන් බව එම නිලධාරියා පැවසීය.
එම සිදුවීම එහි CCTV කැමරාවක සටහන් වී තිබුණි.






















