කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 864 දෙනෙකු අද (03) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3,644කි.
ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 451,401ක් දක්වා ඉහළගොස් තිබේ.
එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,998ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 380,166ක් විය.






















