Wednesday, November 11, 2026
HomeNEWSඅභියාචනාධිකරණය දුන් තීන්දුව

අභියාචනාධිකරණය දුන් තීන්දුව

සැකකරුවන් වෙනුවෙන් ඇප ඉල්ලීම් ඉදිරිපත් කිරීමේ දී කොවිඩ් වසංගත තත්ත්වයන් සුවිශේෂී හේතුවක් වශයෙන් පිළිගත නොහැකි බව අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවෙකු වෙනුවෙන් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය සිදුකළ බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු සඳහන් කළේය. 

ඉකුත් වසරේ හලාවත ප්‍රදේශයේ හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 67 කට ආසන්න ප්‍රමාණයක්  වැටලීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ඇප මත මුදා හරින ලෙස ඉල්ලමින් අදාළ ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

එම ප්‍රතිශෝධන පෙත්සම තුළින් ඉල්ලා තිබුණේ රට පුරා වර්තමානයේ පැතිරී යන කොවිඩ් වසංගත තත්ත්වය සුවිශේෂී හේතුවක් වශයෙන් සැලකිල්ලට ගෙන මෙම සැකකරු ඇප මත මුදා හරින ලෙසය.

කොරෝනා වසංගත තත්ත්වය සෑම සිරකරුවෙකුටම පොදු කරුණක් යැයි පෙන්වා දුන් විනිසුරු මඩුල්ල එය සුවිශේෂි කරුණක් ලෙස සැලකිය නොහැකි බව තීන්දු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img