Wednesday, November 11, 2026
HomeNEWSඝාතන දෙකක්

ඝාතන දෙකක්

මීගමුව සහ කොටවෙහෙර යන ප්‍රදේශවල දී කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබේ.

කොටවෙහෙර දිගැන්නෑව ප්‍රදේශයේ දෙපිරිසක් අතර හටගත් ඉඩම් ආරවුලක් දුරදිග යාමෙන් 44 හැවිරිදි පුද්ගලයෙකුට උදැල්ලකින් පහරදී ඝාතනය කර ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් ක‍ළේය.

ඝාතනය සම්බන්ධයෙන් අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා අද (08) නිකවැරටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර මීගමුව දළුපන ප්‍රදේශයේ දී කාන්තාවක් ගිනි තබා ඝාතනය කර ඇත.

කාන්තාවක් ගිනිගෙන නිවස තුළම මියගොස් ඇති බවට මීගමුව පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනවලදී  අනාවරණය වී ඇත්තේ අදාළ 89 හැවිරිදි කාන්තාවට භුමිතෙල් දමා  ගිනිතබා මෙම ඝාතනය සිදුකර ඇති බවය.

ඝාතනය සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img