කිලෝ 288කට අධික හෙරොයින් තොගයක් බේරුවලින් සොයාගැනීමේ සිද්ධියට සැකපිට පොලීසියට අවශ්‍යව සිටි චමින්ද තාබෘෘ නොහොත් බොබ් මාලි ඇල්පිටියේදී අද (09) අත්අඩංගුවටගත්තේය.
සැකකරු පොලීසියට හඳුනාගත නොහැකිවීමට සිය කොණ්ඩය පවා කපාදමා ස්වරූපය වෙනස් කරගෙන තිබුණි.
බේරුවල මුහුදු තීරයේදී පසුගිය අගෝස්තු 31 වනදා රුපියල් කෝටි තුන්සීයයකට අධික වටිනාකමකින් යුතු හෙරොයින් කිලෝග්‍රෑම් 288කට අධික තොගයක් සමග සැකකරුවන් පස් දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකළ මෙහෙයුමකින් අත්අඩංගුවට ගැනුණි.
ඉන් අනතුරුව සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු මත සිදුකළ විමර්ශනවලදී මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වූ පුද්ගලයා ලෙස චමින්ද තාබෘෘ නොහොත් බොබ් මාලි නැමැත්තා පිළිබඳ හෙළිවී තිබුණි.
ඒ අනුව පොලීසිය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියේ අදාළ සැකකරු පොලීසිය මඟ හරිමින් සිටින බැවින් ඔහුව සොයා ගැනීම සඳහා සහාය දෙන ලෙසය.
ලද තොරතුරක් මත අද ඇල්පිටිය කැටපොල ප්‍රදේශයේ රබර් වත්තක හුදකලා නිවසකදී අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරු වන බොබ් මාලි නැමැත්තා පොලිස් අත්අඩංගුවට ගත්තේය.
ඔහු මීට පෙර සිටි පෙනුම ස්වරූපය වෙනස්කර ගැනීම සඳහා කොන්ඩය කපාදමා තිබූ අතර පොලීසිය එම කොණ්ඩය ද බෑගයක දමා තිබියදී සොයාගෙන තිබේ.
පුද්ගලයෙකුව නිවසට ගෙන්වාගෙන් ඔහු එලෙස කොණ්ඩය කපාගෙන ඇත.
මෙහිදී බොබ් මාලි ගේ බිරිඳ සහ ඔහුට නවාතැන් පහසුකම් ලබාදුන් මිතුරෙකු ද අත්අඩංගුවට ගැනුණු අතර අත්අඩංගුවට පත්වන අවස්තාවේදී බොබ් මාලි නැමැත්තා සන්තකේ තිබී හොරෙයින් මත්කුඩු ග්‍රෑම් 100 ද සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන බොබ් මාලි නමැත්තා 41හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහු අතිදක්ෂ බෝට්ටු පදවනනෙකු ලෙස නිපුනතා සහතික පවා ලබා සිටි අයෙකි.






















