Wednesday, November 11, 2026
HomeNEWSදැන්නම් ඇත්තටම අපිටත් හරි මහන්සියි - කාලෙකින් ගෙදර ගියෙත් නෑ

දැන්නම් ඇත්තටම අපිටත් හරි මහන්සියි – කාලෙකින් ගෙදර ගියෙත් නෑ

මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන්නේ ජීවිතය පිළිබඳව අවදානමක් ඇති රෝගීන් බව අප අමුතුවෙන් කිව යුතු නැත.

ඒ අනුව, අද අපේ අවධානය යොමු වූයේ අවදානම් දෙකක් මැද රෝගීන්ට ජීවිත අපේක්ෂාව දෙන්නට වැර දරන සුව විරුවන් පිරිසක් ගැනය. 

පිළිකාව නිසා අවදානමක් සමග දිවිගෙවන රෝගියෙක්ට කොවිඩ් ආසාදනය වුවහොත් ඔවුන්ගේ ජීවිතයට එල්ලවන්නේ දැඩි තර්ජනයකි.

එම නිසාම සාමාන්‍ය රෝහලක කොවිඩ් රෝගියෙකුට සත්කාර කරනවාට වඩා දැඩි වෙහෙසක් පිළිකා රෝගියෙක්  හඳුනාගතහොත් අපේක්ෂා රෝහලේ සෞඛ්‍ය කාර්යමණ්ඩලයට දැරීමට සිදුවෙයි.

එහි දී ඔවුන් අනුගමනය කරන්නේත් සාමාන්‍ය ක්‍රමවේද නොවේ.

මේ රෝගීන් වෙනුවෙන් සෞඛ්‍ය කාර්යමණ්ඩල ඒ වෙහෙස දරන්නේ නිවෙස්වල සිය ආදරණීයයන් සමග ගතකරන්නට තිබෙන පුංචි හෝ කාලයත් රෝගීන් වෙනුවෙන්ම කැප කරමිනි. 

“මාස 5ක් තිස්සේ දරුවො කතා කරලා අහද්දි.. අප්පච්චි ගෙදර එන්නෙ නැද්ද කියලා, ඒ දැනෙන වේදනවා කියන්න බැහැ. ඒ නිසා වැඳලා කියන්නේ පරිස්සම් වෙන්න,” යැයි එහි වෛද්‍යවරයෙකු අප සමග පැවසීය.

“අන්තිමට ගෙදර ගියේ අවුරුද්දට… දරුවෝ ඉන්නවා. බලන්න යන්න විදිහක් නෑ. අම්මා තාත්තා බලන්නත් මාස 6කින් විතර ගියේ නෑ. දැන්නම් ඇත්තටම අපිටත් හරි මහන්සි,” යැයි සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ තවත් නිලධාරිනියක් සඳහන් කළාය.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img