Wednesday, November 11, 2026
HomeNEWSජී20 අන්තර් ආගමික සමුළුවට එක්වීමට අග්‍රාමාත්‍යතුමා බොලොඤ්ඤා නුවරට ළඟාවෙයි.

ජී20 අන්තර් ආගමික සමුළුවට එක්වීමට අග්‍රාමාත්‍යතුමා බොලොඤ්ඤා නුවරට ළඟාවෙයි.

ජී20 අන්තර් ආගමික සමුළුවට එක්වීම සඳහා ඉතාලිය බලා පිටත්ව ගිය ගරු
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලාංකික දූත පිරිස (10)
පස්වරුවේ එරට බොලොඤ්ඤා නුවර ගුග්ලියෙල්මෝ මාර්කෝනි ගුවන් තොටුපළට
ළඟා වූහ.
අනතුරුව අග්‍රාමාත්‍යතුමා ඇතුළු දූත පිරිස ඉතාලියේ රාජ්‍ය නිලධාරින් සහ එරට ශ්‍රී
ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් පැමිණ මහත් හරසරින් පිළිගත්හ.
ජී20 අන්තර් ආගමික සමුළුව 2021 (G20 Interfaith Forum Italy) (12) දිනයේ දී
බොලොඤ්ඤාහි දී ආරම්භ වීමට නියමිතය.
එහි ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පවත්වන ලෙස ලැබුණු ආරාධනාව අනුව
අග්‍රාමාත්‍යතුමා මෙම සංචාරයට එක්ව සිටියි.
මෙවර මෙම සමුළුවේ තේමාව වී ඇත්තේ “සංස්කෘතීන් අතර සාමය, ආගම් අතර
අවබෝධය” යන්නයි.
ජී20 අන්තර් ආගමික සමුළුවට සමඟාමීව මෙම සංචාරයේ දී රාජතාන්ත්‍රික හමුවීම්
කිහිපයකට ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්වීමට නියමිතය.
ඉතාලියේ අග්‍රාමාත්‍ය මරියෝ ඩ්‍රැගී (Mario Draghi) මහතා, යුරෝපා පාර්ලිමේන්තුවේ
සභාපති ඩේවිඩ් සසෝලි (David Sassoli ) මහතා සහ ස්ලෝවෙනියා ජනාධිපති
බොරුට් පාහෝර් (Borut Pahor) මහතා එසේ හමුවීමට නියමිත රාජතාන්ත්‍රිකයන්ගෙන්
කිහිපදෙනෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img