Wednesday, November 11, 2026
HomeNEWSතෙල් පිරිපහදුවේ වර්ජනය ගැන සභාපති ගෙන් පැහැදිලි කිරීමක්

තෙල් පිරිපහදුවේ වර්ජනය ගැන සභාපති ගෙන් පැහැදිලි කිරීමක්

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ සේවකයින් ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් මෙරට තුළ තෙල් හිඟයක් ඇති වීමට කිසිදු ඉඩක් නොමැති බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ, සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි.

බෙදාහැරීම් කටයුතු සෙනසුරාදා දිනයේ දී නැවැත්වීමට පාලන අධිකාරිය විසින් තීරණය කිරීම හේතුවෙන් එම වැඩවර්ජනය ආරම්භ කර තිබේ.

මේ හේතුවෙන් සපුගස්කන්ද පිරිපහදුවේ සිට ඉන්ධන බෙදා හැරීම නැවතී ඇති බව වාර්තා වේ. 

මේ පිළිබඳ අදහස් දක්වමින් වාණිජ සේවා කර්මාන්ත හා ප්‍රගතිශීලි සේවක සංගමයේ සභාපති බන්දුල සමන්කුමාර මහතා පවසා සිටියේ මේ හේතුවෙන් ඉදිරියේ දී තෙල් හිඟයක් රට තුළ ඇති විය හැකි බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“අනිවාර්යෙන්ම තෙල් නැතිවෙනවා කියලා අපි දැන් කියනවා. ලංකාවේ තෙල් හිඟයක් ඇති වෙනවා කියලා අපි බොහෝම පැහැදිලිව වගකීමෙන් යුක්තව කියනවා. එහෙම වෙන්නේ අද තෙල් බෙදන්නේ නෑ. හෙට තෙල් බෙදන්නේ නෑ. සඳුදා වෙනකොට වරාය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් සපයන තැන්වල තමන්ට තියා ගන්න පුළුවන් ධාරිතාවයක් තියෙනවා. අපි ඒක දන්න නිසා තමයි එහෙම කරන්න බෑ කියන්නේ. ඒකට කිසි විදියකින් ඇහුම්කන් නොදී මේ විදියට අත්තනෝමතික ලෙස සේවකයාගේ අතිකාලය ගැන හිතනවා නම් අපි අනිවාර්යයෙන්ම ඒ වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් කරනවා.”

සුමිත් විජේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, සෙනසුරාදා දිනයේ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු නැවැත්වීමට කළමනාකාරීත්වය තීරණය කිරීමට වෘත්තීය සමිති විරෝධය පළ කිරීම සේවක ප්‍රශ්නයක් බවත් එය විසඳීමට අවශ්‍ය පහසුකම් ඉදිරියේ දී ගන්නා බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img