Wednesday, November 11, 2026
HomeNEWSඅලුතෙන් හිතමු ගොඩ එමු

අලුතෙන් හිතමු ගොඩ එමු

මෙරට ව්‍යපාර කේෂ්ත්‍රයේ ප්‍රවීන ව්‍යවසායකයින් කිහිපදෙනෙකුගේ සහභාගීත්වයෙන් ”අලුතෙන් හිතමු ගොඩ එමු” යන මැයෙන් සම්මන්ත්‍රණයක් අරමුණ සංවිධානය විසින් ඊයේ සූම් තාක්ෂණය ඔස්සේ පවත්වනු ලැබීය.

එහිදි ගෝලීයව බලපා ඇති කොවිඩ් අර්බුදය මැද වුවද නැවත රට ගොඩනැගිය හැකි ආකාරය පිලිබඳව පුළුල්ව සාකච්ඡාවට ගැණුනි.

එහිදී අදහස් දැක්වමින් වැලිබල් වන් සහ හේලීස් ව්‍යාපාර සමූහයේ සභාපති, ධම්මික පෙරේරා මහතා පවසා සිටියේ, ඩොලරය අවශ්‍ය සහ අනවශ්‍ය පිරිසක් සිටීම ගැටලුවක් බවය.

“සමහර අය හිතනවා නම් ඩොලර් එක 203 තියෙන එක 233 තියෙන්න ඕනේ කියලා එතකොට ණය බර වැඩිවෙනවා. එතකොට බිලියන 990ක් රටේ ණය බර වැඩිවෙනවා. දැන් හම්බන්තොට ගුවන්තොටුපොළ වගේ එකක් හදන්න ගියොත් ඒකට ගියේ ඩො.මිලියන 200යි. අපි ගුවන් තොටුපොළ 21ක් හදන්න තියන සල්ලි නැති කරලා දානවා.

මෙහිදී සී මැසෙන්ජර් / ඩිජිටල් එක්ස් පෞද්ගලික ව්‍යාපාරය වෙනුවෙන් අදහස් දක්වමින් එහි ප්‍රධාන විධායක නිලධාරිනි, ජයෝමි ලොකුලියන මහත්මිය සඳහන් කර සිටියේ, කොවිඩ් වසංගතය තුළ සෑම අංශයක්ම ඩිජිටල්කරණය කරන්න ලොකු අවස්ථාවක් ලැබුණු බවය.

එම සාකච්ඡාවට එක්වෙමින් දෙරණ මාධ්‍ය ජාලයේ සහ ජෝර්ජ් ස්ටුවර්ට් ආයතනයේ සභාපති දිලිත් ජයවීර මහතා සඳහන් කර සිටියේ මෙවන් අදහසකි.

“මේ වසංගතය තුළ අපිට අවස්ථාවක් දකින්න පුළුවන් නම් ගෝලීය අවස්ථාවක් ලෙස ඒක තමයි මට පේන්නේ. ඇයි අපි අවුරුදු දෙකක් අසතුටින් ඉන්නේ. තවත් කාලයක් අසතුටින් ඉන්න වෙයි. එහෙම අසතුටින් ඉන්න හැම ඉන්නේ එකෙන් හැම මොහොතක්ම අපරාදේ. මේ අර්බුදය හරහා අපි හිතනවා දැන්  ලෝකයේ කාටවත් විසඳුම් තිබ්බේ නැහැ කියලා. අපි හිතන් හිටියා ලෝකයේ චණ්ඩි ඉන්නවා කියලා හිතුවට එහෙමත් නැහැ. අපි මේකෙන් ඉගෙන ගන්න තියෙන්නේ අපි පොඩි නෑ. අපිට ගෝලීය තරඟකාරීත්වයකට යන්න පුළුවන්. ඒකට මුහුණ දෙන්න පුළුවන්.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img