ආර්ථික දේශපාලන හා සමාජයීය අරමුණු ඉටු කරගැනීමේ දී බොහෝ සෙයින් අපගේ අනාගතය රඳා පවතිනුයේ එක් ජාතියක් වශයෙන් සිදුවන එකමුතුකම හා සහජීවනය මත බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා පෙන්වාදෙන්නේ අන්තවාදී මතවාද සහ ඒ හා බැඳුණු ප්‍රචණ්ඩත්වය අප යුගයේ ඇති බරපතළම අභියෝගය බවය.
ඉතාලියේ, බොලොන්ඥාහි පැවැත්වෙන ජී – 20 අන්තර් ආගමික සංසදයේ ආරම්භක සැසිය අමතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම අදහස් පළකර තිබේ.
ජී – 20 රාජ්‍ය නායක සමුළුව ලබන ඔක්තෝබර් මස 30 සහ 31 යන දෙදින ඉතාලියේ රෝම අගනුවර දී පැවැත්වීමට නියමිත අතර ඊට සමගාමීව ජී – 20 අන්තර් ආගමික සංසදය පැවැත්වේ.
බුද්ධ ශාසන හා ආගමික හා සංස්කෘතික අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජි – 20 අන්තර් ආගමික සංසදය ආමන්ත්‍රණය කරනු ලැබීය.
ලෝකය අත්විඳින බරපතළ සෞඛ්‍ය අර්බුදය අප සියලුදෙනා එක්සත් කිරීමට උපකාරී වන බවත් කොවිඩ්-19 අර්බුදය සමස්ත මානව වර්ගයාට මාරාන්තික පහරක් එල්ල කර ඇති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදි ප්‍රකාශ කර තිබේ.
වසංගතයෙන් බේරී නැවත අපගේ ජීවිතය ආරම්භ කිරීමට නම් ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කළයුතු බව අග්‍රාමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.






















