කොවිඩ් රෝගය ආසාධිත වී නිවෙස්වල සිටින රෝගීන් සඳහා අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා දීම සඳහා වෛද්‍යවරුන්ගෙන් සමන්විත විශේෂ උපදේශණ මධ්‍යස්ථාන මේ වන විට දකුණු පළාතේ ක්‍රියාත්මක වේ.
එසේ ගාලු දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යනු ලබන එම උපදෙස් මධ්‍යස්ථානයට ලබා දීම සදහා, දකුණූ පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ මැතිතුමාගේ විශේෂ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් පුද්ගලික සමාගම විසින් ලබාදුන් නොමිලේ දුරකථන ඇමතුම් ලබාගත හැකි සිම්පත්20ක් හා ඒ සදහා දුරකථන 20ක් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමාට දකුණු පළාත් ගරු ආණ්ඩුකාරතුමන් විසින් පසුගිය දින(13)ලබා දෙන ලදී.
ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් පුද්ගලික සමාගමේ විශේෂ ව්‍යාපෘති කළමණාකරන අංශයෙහි ප්‍රධානී නලින් ගමගේ මහතා විසින් මෙම සිම්පත් හා දුරකථන දකුණූ පළාත් ආණ්ඩුකාරතුමන්ට ලබා දෙන ලදී.






















