Wednesday, November 11, 2026
HomeNEWSස්පුට්නික් V පළමු මාත්‍රාව ලබාගත් අයට පණිවුඩයක්

ස්පුට්නික් V පළමු මාත්‍රාව ලබාගත් අයට පණිවුඩයක්

ස්පුට්නික් V එන්නතේ දෙවෙනි මාත්‍රාව ලබාදීමේ කටයුතු හෙට (20) සිට ආරම්භ කළ හැකි බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

මේ අතර ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ලබන මාසයේ දී ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 40ක් ලැබීමට නියමිත බවය.

එන්නත්කරණ වැඩසටහනේ වගකීම රජය භාරගෙන ඇති බැවින් පළමු එන්නත ලබාගත් කිසිවෙකුට දෙවැනි මාත්‍රාව නොමැතිව අමාරුවේ වැටීමට කිසිවිටෙකත් ඉඩ නොතබන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මහනුවර දිස්ත්‍රික්කයේ ස්පුට්නික් V එන්නතේ දෙවන මාත්‍රාව බලාපොරොත්තුව සිටින සියලුදෙනාටම අවශ්‍ය එන්නත් මේ වන විට ලැබී ඇතැයි ද ඒ මහතා කියා සිටියේය. 

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ එප්පාවලදී අද (19) පැවති රැස්වීමකින් අනතුරුවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා,

“අවුරුදු 15 සිට පාසල් ළමුන්ට එන්නත් ලබාදෙනවා. ෆයිසර් එන්නත ලබාදෙන්නේ. රජයේ රෝහලක දී තමයි එන්නත්කරණය සිදුකරන්නේ වෛද්‍ය අධීක්ෂණය යටතේ. කුමන දිනයේ ද ආරම්භ කරන්නේ කියන එක තව දින කිහිපයකින් තීරණය කරනවා. මොකද ෆයිසර් එන්නත ප්‍රවාහනය හා ගබඩා කිරීමේ දී විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ ලංකාව පුරාම රෝහල්වල තියෙන පහසුකම් බලලා, විශේෂ පුහුණුවක් දෙන්න ඕනේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ෆයිසර් එන්නත ලබාදෙන විට. මේක සංවිධානය කරන්න දින කිහිපයක් ගතවෙනවා. ඉදිරි මාස කිහිපයේ දී ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 40ක් ලැබීමට නියමිතයි. හෙට උදෑසනත් අපිට යම්කිසි ප්‍රමාණයක් ලැබෙනවා. ඉදිරියේ දී එය වැඩිවීමට නියමිතයි. ඔක්තෝබර් 10 – 11 වෙනකොට අපිට තවත් ෆයිසර් එන්නත් ප්‍රමාණයක් ලැබීමට නියමිතයි. ඊට පස්සේ ක්‍රමානකූලව ලැබෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img