Thursday, November 12, 2026
HomeNEWSකොටුවේ උද්ඝෝෂණය කළ වෙළෙඳුන් දෙදෙනා ට ඇප

කොටුවේ උද්ඝෝෂණය කළ වෙළෙඳුන් දෙදෙනා ට ඇප

නිරෝධායන නීතිය උල්ලංඝනය කරමින් උද්ඝෝෂණය කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් පිටකොටුවේ වෙළෙඳුන් දෙදෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝග කර තිබේ.

මත්පැන් හල් විවෘත කර තිබියදී තමන්ට ද වෙළෙඳ කටයුතු කිරීමට අවසර දෙන්නැයි බලකරමින් කොටුව දුම්රියපොළ ඉදිරිපිට කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් එම සැකකරුවන් දෙදෙනා අද (20) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මත්පැන් හල් විවෘත කර තිබියදී තමන්ට ද ව්‍යාපාරික කටයුතුවල නිරත වීමට ඉඩ දෙන ලෙස බල කරමින් එම සැකකරුවන් ඇතුළු පිරිසක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට ඊයේ (19) උද්ඝෝෂණයක නිරත වූ බවය.

සෞඛ්‍ය නීති උල්ලංගනය කරමින් නිරෝධායන නීතියට පටහැනි ආකාරයට එම උද්ඝෝෂණය සිදුකළ බවත් එම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව තිබෙන හෙයින් එම සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොලීසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් නිරෝදායන නීතිය උල්ලංඝනය වුණා ආකාරයට උද්ඝෝෂණය පැවැත් වූ බව සඳහන් කර සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය එම සැකකරුවන් දෙදෙනා රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අද(12) පළාත් කිහිපයකටම මි.මී. 100 ට අධික තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (12) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img