තමන්ට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ විනය පරීක්ෂණයක් සිදුනොකරන බව පක්ෂ නායකත්වය තහවුරු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.
අමාත්‍ය සරත් වීරසේකර මහතා කර තිබූ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා අද (20) මේ බව සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වු ජගත් කුමාර මහතා,
“අපි වගේ බිම් මට්ටමේ, ජනතාව අතරින් පහළින් ආව මිනිස්සුන්ට වට කරලා ගහන්න දැන් සමහර දේශාපලඥයෝ උත්සහ කරනවා. එයාලා හිතන්නේ එයාලා කියන දේ කරන ඒ අයට මනාප එකතු කරලා දෙන ගිරා පෝතකයෝ ටිකක් එකතු කරන්න පුළුවන් නම් හොඳයි කියලා හිතන අවස්ථා තියෙනවා කියන එක තමයි මට දැනෙන්නේ. මම මිනිස්සුන්ගේ ඡන්දයෙන් ඇවිල්ලා පාදුක්ක කොට්ඨාසයේ මිනිස්සුන්ගේ අවශ්‍යතා මට විසඳන්න බැරි නම් මම එතැන සභාපතිකමේ ඉදලා වැඩක් නෑ. අමාත්‍යවරු දෙන්නෙක්ගේ නම් කිව්වා මේ කාරණාවට සම්බන්ධ වුණ. කිව්වහම එයාලා මේකට කිපිලා එතුමාලා මේකට එක එක කියන්න හදනවා.”






















