Wednesday, November 11, 2026
HomeNEWSපාරිභෝගික සංශෝධන පනත අද පාර්ලිමේන්තුවට

පාරිභෝගික සංශෝධන පනත අද පාර්ලිමේන්තුවට

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (22) පැවැත්වේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසා සිටියේ‍, පාරිභෝගික පනත ආරම්භ කළ දින සිට ඉදිරිපත් කරන  පළමු සංශෝධනය මෙය බවය.

“යම් භාණ්ඩයක් සඳහා පාලන මිලක් පැනවුවහොත් ඒ පාලන මිලට වැඩියෙන් යම් කෙනෙක් අලෙවි කරනවා නම් ඒ සඳහා දැනට තියෙන රු 10,000 දඩය ලක්ෂයක් දක්වා වැඩිකිරීම ඇතුළු දඩ මුදල් ඉහළ යෑමේ පනත පාර්ලිමේන්තුවේ දී විවාද කර සම්මත කරගැනීමට අපි අනිවාර්යෙන්ම කටයුතු කරනවා.”

මේ අතර පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම සතිය සඳහා අද දිනයේ පමණක් පාර්ලිමේන්තුව රැස්වන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව උදෑසන 10ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ආරම්භ වනු ඇත.

කෙසේ වෙතත් විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් ලෙස නැවත පාර්ලිමේන්තුව ඔක්තෝබර් 04 වන දින රැස්වීමට නියමිතය.

මේ අතර පාරිභෝගික අධිකාරියේ පූර්ණකාලීන සාමාජිකයින් තිදෙනා අතුරින් එක් අයෙකු ලෙස කටයුතු කළ තුෂාන් ගුණවර්ධන මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා විසින් පිළිගෙන තිබේ.

තමා පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත්වන බව දන්වමින් තුෂාන් ගුණවර්ධන මහතා අදාළ ලිපිය යොමුකර තිබුණි.

කෙසේ වෙතත් නිවේදනයක් නිකුත් කරමින් සමූපාකාර, සේවා අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ අදාළ ලිපිය රජ්‍ය අමාත්‍යවරයා භාරගත් බවය.

එහෙත් පාරිභෝගික අධිකාරිය තුළ විධායක අධ්‍යක්ෂ ධුරය ලෙස තනතුරක් නොමැති බවද අදාළ නිවේදනය මඟින් පෙන්වා ඔවුන් පෙන්වා දෙයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත ට අනුව එවැනි තනතුරක් නොමැති බවත් ඔහු පූර්ණ කාලීන සාමාජිකයකු වශයෙන් පමණක් සේවය කළ බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img