Thursday, November 12, 2026
HomeNEWSසුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගෙන් මැසිවිලි

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගෙන් මැසිවිලි

පවතින කොඩිඩ් වසංගත තත්ත්වය හමුවේ තීරණ ගැනීමේදී තමන්ව ඊට සම්බන්ධ කරගන්නා ලෙස සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් රජයෙන් ඉල්ලා සිටී.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් පෙන්වා දුන්නේ රජය ගන්නා ඇතැම් තීරණ හමුවේ තම කර්මාන්ත පවත්වාගෙන යාමේ දුෂ්කරතාවක් මතුව ඇති බවය.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා,

“මාසයක් තුළ යකඩ මිල ලක්ෂයකින් ඉහළ ගිහින්. මේක පාලනය කරන්න ඕන හැමදේටම කොවිඩ් අදාළ කරගන්න එපා. කොවිඩ් නිසා නෙමෙයි රුපියල අවප්‍රමාණය වුණේ. කොවිඩ් නිසා නෙමෙයි ඩොලරය වැඩි වුණේ. පාලනය නොකළොත් ඉදිරිකිරීම් කර්මාන්තය නැතිවෙයි. මොකද මේ බිලියන 40කට වැඩි මුදල් ලබාගන්න තියෙනවා. ළඟම පාසල හොඳම පාසල, අදත් අමාත්‍යංශ වහලා.“

ශ්‍රී ලංකා තුනිලෑලි නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ලක්මාල් පෙරේරා මහතා පවසා සිටියේ, “චීන සමාගම් කිහිපයක් වසර 2,3ක සිට රබර් ගස් කපලා අපනයනය කරනවා. ආණ්ඩුවක් වුණාම මේවා බලන්න ඕන. ඇහුවාම කියන්නේ ඩොලර් එනවා කියලා. මේ කර්මාන්තශාලා 25ම වහන්න වෙයි. මේ වසරේ ඩොලර් මිලියන 600ක් ඉතුරු කරලා දුන්නා. 2024 දී ඩොලර් මිලියන 840ක් ඉතුරු කරන්න බලාපොරොත්තු වෙනවා.
ගස් කපන එක, අපනයනය කරන එක නවත්වන්න.“ 
යනුවෙනි.

එහිදී අදහස් දැක්වූ ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරංචිගේ මහතා, 

“ජපන් වගේ රටවල් පාචිච්චිකරපු වාහන ගෙන්වන්න ඒ රටවල් සමඟ අපේ සම්බන්ධකම් තියෙනවා අවුරුදු 2ක් ණයට වාහන දෙන්න කතා කළා හැබැයි මේ කිසිම යෝජනාවක් අපි දුන්නට අපි මේ ලියුම් ලියනවා විතරයි. අපිට පසුබිමක් දෙන්න අපි එක්ක කතා කරන්න අතේ ඇඟිලි ගාණට අපේ ආර්ථිකය ඉතා පහළ වැටිලා කොතනද වැරැද්ද ? නැහැ මේ තීරණ ගන්න පාලකයන්ගේ වැරැද්ද.“

ශ්‍රී ලංකා විවාහ මංගල සේවා සැපයුම්කරුවන්ගේ සංගමයේ සභාපති දිලුම් බණ්ඩාර මහතා, 

“අපි මේ එන්නතත් අරගෙන රටත් වහගෙන අපිට කන්නත් නැතුව අපිට තේරේනනේ නැහැ අපි කොහොමද ඉස්සසරහට යන්නේ කියලා. අපි රජයට කියා සිටිනනේ ඔබතුමාල ගන්න තීරණවලට අපිව සම්බන්ධ කර ගන්න. අපිටත් මේ ගැන දැනුමක් තියෙනවා. එහෙම නැතිවුණොත් බොහෝ පිරිසකගේ රැකියා නැතිවෙයි. මට නම් කොවිඩ් ලොකු නෑ මගේ දරුවාගේ බඩගින්නට වඩා“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img