30 වසරක කුරිරු යුද්ධයෙන් මාතෘ භුමිය මුදාගැනීමට දිවිහිමියෙන් කැපවු රණවිරුවන් සිහිකරමින් ඉදිවන සඳහිරු සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේ මහ සංඝරත්නයට පුජාකිරීම අද (18) දිනයේ සිදුකෙරේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සඳහිරු සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේ අද පස්වරුවේ මහා සංඝරත්නය වෙත පුජා කිරීමට නියමිතය.
2010 වර්ෂයේ දි ඉදිකිරිම් කටයුතු ආරම්භ කළ මෙම චෛත්‍ය පොළොව මට්ටමේ සිට අඩි 283ක් උසකින් යුක්ත වන අතර පොළොව මට්ටමේ සිට අඩි 45ක් යට සිට ගොඩ නංවා තිබේ.
ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකෙරුණු සඳහිරි සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේ අද සිට ජනතාවට වැදුම් පිදුම් කරගැනීම සඳහා අවස්ථාව උදාවන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළේය.

“පොළොව මට්ටමේ ඉදන් චුඩාමාණික්‍ය ඇතුළුව අඩි 283ක් උසයි මේ සෑය. ඒ වගේම අඩි 45ක් පොළොව යට ඉදලා තමයි සෑය ගොඩනංවන්න කටයුතු කරලා තියෙන්නේ. අපේ යුද හමුදාවේ, නාවික හමුදාවේ හා ගුවන් හමුදාවේ වගේම සිවිල් ආරක්ෂණ දෙපාර්තමේන්තුවෙත් නිලධාරීන් සහ සෙසු නිලධාරීන්ගේ දැනුම හා ශ්‍රමය විශාල වශයෙන් වැයකරලා සම්පූර්ණයෙන් ම ඒ අයගේ දෑත්වලින් තමයි මේ මහා සඳහිරු සෑය ගොඩනැංවුණේ. මේ සෑයේ අපි නිදන් කරලා තියෙනවා කපිල වස්තුපුරයෙන් ලැබුණු ධාතූන් වහන්සේලා කිහිපනමක්. ඒ වගේම සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කරලා තියෙනවා. ත්‍රිපිටකය රත්‍රං පත්තිරුවල ලියවලා රන් පත්තිරු ධාතු ගර්භයේ අපි නිදන්කරලා තියෙනවා. ඒ වගේම කිලෝ 8ක් බරුති දඹ රත්‍රංවලින් කරපු බුදුපිළිම වහන්සේ නමකුත් අපි තැන්පත් කරලා තියෙනවා.”