යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් දැනට ඉදිරිපත් කර ඇති යෝජනාව ගැන පාර්ලිමේන්තු විවාදයක් පැවතිය හොත් තමා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් එයට විරුද්ධව ඡන්දය ලබාදෙන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මේ බව සඳහන් කළේය.
“සාමුහික වගකීම තුළ අපට මතුවන ගැටලුවලට අපි විසඳුමක් සොයාගෙන යනවා. සාමුහික වගකීමකුත් තිබෙන්න ඕනේ. නමුත් සාමුහික වගකීම තුළ අපට මතුවන ගැටලුවක් වුණොත් ඒකටත් විසඳුමක් අපි සොයාගන්න ඕනේ. මේ පිළිබඳව තීන්දුවකට එළඹීමට නොහැකි වූ නිසා අපට අපේ අදහස් වෙනම ඉදිරිපත් කිරීමට අයිතියක් තිබෙනවා. ඡන්දය ප්‍රකාශකරන අවස්ථාවක් ආවෝත් පාර්ලිමේන්තුවෙදී අපේ ඡන්දය අද පාවිචච් කරන්නේ මේ අද ගෙනැවිත් තිබෙන යෝජනාවට විරුද්ධවයි. අයවැය තුළ යුගදනවි තිබුණේ නැහැ. ඒක ඉදිරිපත් වුණාම ඒ ගැන අදහස සහ ඒ ගැන තීරණය අපි දෙන්නේ.”
මාධ්‍යවේදියා – IMF ගියොත් ඔබතුමා ආණ්ඩුවෙන් ඉවත්වෙනවා කියලා තිබුණා. මොකක්ද ඒ කථාව ?
අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා – “ඒ කථාවේ තේරුම අපි IMF යන්නේ නැහැ කියන එක. මම ආණ්ඩුවක ඉන්නේ නැහැ IMF එකට යනවානම් කියා තිබෙනවා. බැසිල් රාජපක්ෂ මහතා ඉතාමත්ව පැහැදිලිව කැබිනට් මණ්ඩලයට කිව්වා IMF එකත් සමග ගණුදෙනුවකට යෑම අපට මේ වෙලාවේ ගිතන්නවත් බැරි දෙයක්. ආනයනයන් සීමා කිරීම අපේ යෝජනාව. නමුත් IMF එකේ යෝජනාව තමයි ආනායනයන් සීමා නොකිරීම. IMF කියන්නේ ආනයනයන් නිදහසේ වෙන්නට ඇරලා ඊට අවශ්‍යය හිඟ මුදල අපෙන් පියවගන්න.”






















