Friday, June 19, 2026
HomeNEWSශ්‍රී ලංකාවේ ඔමික්‍රෝන් සීඝ්‍ර ව්‍යාප්තියක

ශ්‍රී ලංකාවේ ඔමික්‍රෝන් සීඝ්‍ර ව්‍යාප්තියක

ශ්‍රී ලංකාව තුළ දැනට වාර්තා වන කොවිඩ් රෝගීන් අතරින් ඔමික්‍රොන් ප්‍රභේදය 95%ක ප්‍රමාණයකට පැතිර ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

“අද දෙරණ” BIG FOCUS වැඩසටහන සමග එක්වෙමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පවසා සිටියේ, ලංකාව තුළ ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිර යෑමට මාස දෙකකට වැඩි කාලයක් ගතව ඇති බවය.

“ශ්‍රී ලංකාවේ ප්‍රථම රෝගියා වාර්තා වෙලා,  දැනට මාස දෙකකට ආසන්න කාලයක් ගතවෙලා තියෙනවා. දැන් තමයි දත්තයන්වලින් අපිට පේන්නේ ලංකාවේත් ඔමික්‍රෝන් ප්‍රභේදය 95%කට එහායින් පැතිරිලා කියලා. මේකෙන් කියවෙන්නේ යම් අවස්ථාවක gene sequence ටෙස්ට් කරන සාම්පල සංඛාවෙන් සියයට 95කට එහා ඔමික්‍රෝන් ප්‍රභේදය ලංකාවෙන් දැන් වාර්තා වෙනවා.”

ප්‍රශ්නය – ශ්‍රී ජයවර්ධනපුර විතරයි මේක වාර්තාවක් ලෙස එළිදැක්වුයේ. එතැනින් එහාට අපිට කියන්න පුළුවන් ද ඔවුන්ගේ වාර්තා පමණක් පදනම් කරගෙන ලංකාවේම ප්‍රබලම ප්‍රභේදය වෙලා තියෙන්නේ ඔමික්‍රෝන් කියලා. 

“ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තමා දිගටම ඒ කටයුතු කළේ. මෑතක ඉඳලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයෙනුත් ඒ වාර්තාව ලැබෙනවා. gene sequence ඔවුන් දැන් අවස්ථා 4කදී වාර්තා ඉදිරිපත් කරලා තියෙනවා. ඔවුන්ගේ ඊයේ MRI රිපෝට් එකක් අවුට් වුණා. ඒකෙනුත් කියවෙන්නේ, 96%කට වැඩිය ඔමික්‍රෝන් ප්‍රභේදය තමා. මම හිතන්නේ ජයවර්ධනපුර හා MRI ලැබ් එකෙන් එකම විදියේ දත්ත තමා තියෙන්නේ. ලංකාවේ රෝගීන්ගෙන් පැතිරෙන වෛරසයෙන් 95%කට එහා ප්‍රමාණය දැනට වාර්තා වෙන්නේ ඔමික්‍රෝන් කියලා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...

රුපියල පහළට.. අමෙරිකානු ඩොලරය 340 ට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් එහි විකුණුම් මිල අද (04) රු. 340.25 ක් ලෙස සටහන් වෙයි; ඊයේ (03) එය රු. 337.97 ක්...

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img