Friday, June 19, 2026
HomeNEWSවගා හානි වෙනුවෙන් රුපියල් බිලියන 40ක්

වගා හානි වෙනුවෙන් රුපියල් බිලියන 40ක්

පසුගිය කන්නයේදී වගා හානි නිසා බලපෑමට ලක්වූ ගොවීන්ට වන්දි ලබාදීමට රජය තීරණයක් ගත් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා පැවසුවේ වගා හානි සඳහා වන්දි ලබාදීම සඳහා ඒ අනුව රුපියල් බිලියන 40ක් වෙන්කිරීමට තීරණය කළ බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“වී ගොවිතැනේ නියැලෙන ලක්ෂ 11කට ආසන්න වී ගොවියන් වෙනුවෙන් සුවිශේෂි තීන්දුවක් ඊයේ කැබිනට් මණ්ඩලය ගත්තා. ඒ තමයි 2020 මහ කන්නයේ හෙක්ටයාර් ලක්ෂ 8කට ආසන්න ප්‍රමාණයක් වී ගොවිතැනේ වගා කරපු ගොවීන් සඳහා ඔවුන්ගේ අස්වැන්නේ යම් හානියක් සිදුවුණා නම් ඒ සඳහා වන්දි ලබාදෙන්න ඊයේ කැබිනට් මණ්ඩලය අනුමැති ලබාදුන්නා. ඒ සඳහා මිලියන 40කට අධික මුදලක් රජය විසින් වෙන්කරනවා. මුදල් අමාත්‍යවරයා විසින් රුපියල් මිලියන 229ක සහන පැකේජයක් ලබාදුන්නා. රජයේ සේවකයින්ට, සමෘද්ධිලාභීන් ඇතුළු කේෂ්ත්‍ර ගණනාවකට ලබාදුන්නා. එයින් වී ගොවියන් වෙනුවෙන්  මේ සහනාධාරය ලබාදෙන්න තීරණය කළා. ඒ අනුව පසුගිය කාලයේ ගොවීන් දැවැන්ත උද්ඝෝෂණ කළා හරිත කෘෂිකර්මානතයට නියැලීමත් එක්ක තමන්ගේ වගාවල හානි සිදුවුණා, පාඩු සිදුවුණා මෙයට වන්දි ලබාදෙන්න කියලා. ඒත් දිගින් දිගටම මම කෘෂිකර්ම ඇමති ලෙස සහතිකයක් දුන්නා ගොවීන්ට ඔබ මේ වැඩසටහනට සම්බන්ධ වෙලා යම් වගා හානියක් වුණොත් ඒ සඳහා වන්දි ලබාදෙන්න අපි කටයුතු කරනවා කියලා. ඒ සහතිකය අපි මුල ඉඳලම ගොවීන්ට ලබාදුන්නා. ඒ අනුව මහ කන්නයේ අස්වැන්නේ අඩුපාඩුවක් සිදුවු සියලුම ගොවීන් 1,049,000ක් හෙක්ටයාර් ලක්ෂ 8ක් වගාකරලා තිබුණා පහුගිය යල කන්නයේ. ඒ ගොවීන් සඳහා වන්දි ලබාදීමට අනුමැතිය ලබාදුන්නා. ඒ අනුව අපි මේ වනවිට ප්‍රාදේශීය මට්ටමින් ගොවීන්ගේ අස්වැන්න පිළිබඳ නිරීක්ෂණය කරමින් ඉන්නවා. එ් අනුව ඔවුන්ගේ අස්වැන්න කැපීමත් සමග ම ඔවුන්ට වෙලා තියෙන පාඩුව වෙනුවෙන් සෑම ගොවියෙකුටම වන්දි ලබාදෙන්න කටයුතු කරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...

රුපියල පහළට.. අමෙරිකානු ඩොලරය 340 ට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් එහි විකුණුම් මිල අද (04) රු. 340.25 ක් ලෙස සටහන් වෙයි; ඊයේ (03) එය රු. 337.97 ක්...

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img