Tuesday, November 10, 2026
HomeNEWSඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ.

නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්.

ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව හා කඩිනම්ව පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ‘ඩෙංගු මදුරු මර්දන මෙහෙයුම් කාර්යාලයක්’ ඊයේ (09) ස්ථාපිත කෙරිණි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා පෙරසූදානම් සහ ප්‍රතිචාර අංශය (DPRD) කේන්ද්‍ර කරගනිමින් මෙම මධ්‍යස්ථානය ආරම්භ කර ඇත.

පවතින කාලගුණික වෙනස්වීම් හමුවේ මදුරු ඝණත්වය වැඩිවීම සහ රෝගීන් වාර්තා වීමේ ප්‍රවණතාව සැලකිල්ලට ගනිමින්, නොවැම්බර් 09 වනදා සිට 14 වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි මෙම විශේෂ ඩෙංගු මර්දන සතිය ප්‍රකාශයට පත් කර තිබේ.

ඩෙංගු අවදානම පවතින දිස්ත්‍රික්ක 13ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 74ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක එම මර්දන සතියේ කටයුතු නව මෙහෙයුම් කාර්යාලය හරහා පාලනය කෙරේ.

නව කාර්යාලය ස්ථාපිත කිරීමෙන් අනතුරුව, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සතිය තුළ සිදුකළ යුතු කාර්යයන් සහ අනුගමනය කළ යුතු පියවර සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් ද ඊයේ (09) එහිදී පැවැත්විණි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) ඩබ්ලිව්.කේ. වික්‍රමසිංහ, අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය එස්. මහේන්ද්‍ර ආර්නෝල්ඩ්, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ (NDCU) අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර, ආපදා පෙරසූදානම් සහ ප්‍රතිචාර අංශයේ ප්‍රධානී වෛද්‍ය අසංක වෙදමුල්ල, ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර යන මහත්ම මහත්මීන් මෙන්ම ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ ස්වේච්ඡා සංවිධාන නියෝජනය කළ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය අංශය
2026-11-10

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...

2026 බුකර් ත්‍යාගය එම්. ජෝන් හැරිසන්ගේ “The End of Everything” කෘතියට

2026 බුකර් ත්‍යාගය සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලේඛක එම්. ජෝන් හැරිසන්ගේ (81) "The End of Everything" කෘතිය නම් කරයි.

නීති පද්ධතියක් හරහා දේශපාලන පළිගැනීම් සිදුකිරීමට රජය කටයුතු කරනවා- විපක්ෂ නායක සජිත්

ජාතික ආරක්ෂාවේ නාමයෙන් රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස ලක්ෂ 220ක් ජනතාවට මූලික හා...

ලෝක වෙළඳපොළෙහි බොරතෙල් මිල පහළට

ඇමරිකා - ඉරාන සාම සාකච්ඡා පිළිබඳ ඇති වූ සුභවාදී බලාපොරොත්තු හේතුවෙන් ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 7% කින් පමණ පහත වැටී ඇ.ඩො 93...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img