Wednesday, November 11, 2026
HomeNEWSඔමික්‍රෝන් අවදානම අඩු කරගත හැකි ක්‍රමයක්

ඔමික්‍රෝන් අවදානම අඩු කරගත හැකි ක්‍රමයක්

කිසියක් පුද්ගලයෙකු එන්නත් තුනම ලබාගෙන සිටිනම් ඔහු ඔමික්‍රොන් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු වුවද ඔහුට කොවිඩ් වැලඳීමේ අවදානම ඉතා අවම මට්ටමක පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළාය.

“ඔමික්‍රෝන් ප්‍රභේදය වැලඳුන සාමාජිකයෙක් ඔබගේ පවුලේ සිටියත්, ඇත්තටම ඔබ නිරෝගි පුද්ගලයෙක් ඒ වගේම කොවිඩ් එන්නත සඳහා දෙන එන්නත් තුනම ලබාගෙන සිටින කෙනෙක් නම්, ඔබ ළඟින්ම මේ රෝගියාගේ ආශ්‍රිතයෙක් වුණත් ඔබට මේ රෝගය වැලඳීමට තියෙන අවකාශය ඉතාමත් අඩුවෙනවා. ඒ වගේම වැලඳුනත් ඔබ සංකූලතාවලින් තොරව මේ රෝගය ඉක්මනින් සුව වෙන්න පුළුවන් හැකියාවක් ඔබට තියෙනවා. ඒ නිසා ඇත්තටම ඔබගේ එදිනෙදා කටයුතුවලින් ඉවත්වෙලා, ඔබ වෙන්ව දවස් ගානක් ඉස්සර ඩෙල්ටා ප්‍රභේදයේ හිටියා වගේ, මේ අවස්ථාවේ දී ඉන්න අවශ්‍යතාවයක් නෑ. ඔබගේ එදිනෙදා කටයුතු කරගන්න මේ මඟින් කිසිදු බාධාවක් වෙන්නේ නෑ.”

මේ අතර අද (31)දිනයේ සිට ජංගම එන්නත්කරණ මධ්‍යස්ථාන යොදාගනිමින් බුස්ටර් එන්නත ලබාදීමේ කටයුතු ආරම්භ කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කෙසේවෙතත් වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කළේ, කොවිඩ් බුස්ටර් එන්නතේ සුළු සංකුලතා ඇති වුවද එය බරපතළ තත්ත්වයක් නොවන බවය.

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අද දිනයේ සිදුකරන එන්නත්කරණ කටයුතු පිළිබඳව විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img