Tuesday, November 10, 2026
HomeNEWSහෙට සිට සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව රැස්වේ - මහපොළ උසස් අධ්‍යාපන අරමුදල් පනත්...

හෙට සිට සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව රැස්වේ – මහපොළ උසස් අධ්‍යාපන අරමුදල් පනත් කෙටුම්පතට සංශෝධන

හෙට සිට සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව රැස්වේ – මහපොළ උසස් අධ්‍යාපන අරමුදල් පනත් කෙටුම්පතට සංශෝධන

හෙට (2022.02.08) සිට සිකුරාදා (2022.02.11) දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට අද (2022.02.07) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව 2022.02.08 දින 2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග 02ක්  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අතර, ලලිත් ඇතුලත් මුදලි මහපොළ උසස් අධ්‍යාපන අරමුදල් පනත් කෙටුම්පත දෙවන වර කියවීම සිදුකරනු ඇත. මෙහිදී, මහපොළ උසස් අධ්‍යාපන ශීෂ්‍යත්ව අරමුදල සම්බන්ධයෙන් සංශෝධන 02 ක්ද ඉදිරිපත් කිරීමට නියමිත බව සභානායකවරයා සඳහන් කළේය.

ඒ අනුව එම අරමුදලේ සභාපතිවරයා ලෙස මෙතෙක් කටයුතු කළ අග්‍රවිනිශ්චයකාරවරයා වෙනුවට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු හෝ විශ්‍රාමික විගණකාධිපතිවරයකු පත්කිරීමට සංශෝධන ඉදිරිපත් කරනු ඇත.

එමෙන්ම ඒ අරමුදලේ සාමාජිකයකු ලෙස මෙතෙක් කටයුතු කළ එහි විෂය භාර අමාත්‍යවරයා වෙනුවට ඔහු පත්කරනු ලබන නියෝජිතයකු එම සාමාජික ධුරය දැරීම සඳහා පත් කිරීමේ සංශෝධනයද ඉදිරිපත් කිරීමට නියමිතය

2022.02.09 හා 10  වන දා, අපරාධ නඩු විධාන සංග්‍රහය(සංශෝධන) පනත් කෙටුම්පත, පුද්ගල නාශක බිම් බෝම්බ තහනම් කිරිමේ පනත් කෙටුම්පත, අධිකරණ සංවිධාන(සංශෝධන)පනත් කෙටුම්පත, සිවිල් නඩු විධාන සංග්‍රහය(සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීම මෙන්ම පළාත් සභා (මුද්දර ගාස්තු මාරු කිරිමේ)(සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීම සහ 1969 අංක 01 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි,  විවාද කර 10 වන දා සම්මත කරගැනීමට නියමිත.

2022.02.11 හිටපු පා.ම. ගරු මංගල සමරවීර මහතාගේ අභාවය ගැන ශෝක ප්‍රකාශ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...

2026 බුකර් ත්‍යාගය එම්. ජෝන් හැරිසන්ගේ “The End of Everything” කෘතියට

2026 බුකර් ත්‍යාගය සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලේඛක එම්. ජෝන් හැරිසන්ගේ (81) "The End of Everything" කෘතිය නම් කරයි.

නීති පද්ධතියක් හරහා දේශපාලන පළිගැනීම් සිදුකිරීමට රජය කටයුතු කරනවා- විපක්ෂ නායක සජිත්

ජාතික ආරක්ෂාවේ නාමයෙන් රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස ලක්ෂ 220ක් ජනතාවට මූලික හා...

ලෝක වෙළඳපොළෙහි බොරතෙල් මිල පහළට

ඇමරිකා - ඉරාන සාම සාකච්ඡා පිළිබඳ ඇති වූ සුභවාදී බලාපොරොත්තු හේතුවෙන් ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 7% කින් පමණ පහත වැටී ඇ.ඩො 93...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img