අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඊයේ (09) දිනයේ පැවති චිත්‍ර විෂයට අදාළ ප්‍රශ්න පත්‍ර ලබාදීමේ දී විභාග මධ්‍යස්ථාන දෙකක සිසුන් කිහිපදෙනෙකුට යම් ආසාධාරණයක් සිදුව ඇතැයි වාර්තා වේ.
බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේ සහ ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේ අදාළ සිදුවීම් සිදුව ඇති බව වාර්තා වේ.
බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේ සිසුන් හය දෙනෙකුගේ උසස් පෙළ විභාගයේ චිත්‍ර ප්‍රශ්න පත්‍රය නියමිත වේලාවට පෙර සිසුන්ගෙන් ලබාගෙන ඇති බවට දෙමාපියන් චෝදනා කරයි.
ඒ පිළිබදව දෙමාපියන් කිහිපදෙනෙකු “අද දෙරණ” ට මෙසේ අදහස් පළ කළේය.
“පැයයි විනාඩි 10ක් කලින් පේපර් එක අරන් ළමයින්ගේ. ඒක ළමයින්ට ලොකු අසාධාරණයක්. චිත්‍ර කරන්නේ ළමයි 6 දෙනෙක්. ශාලාධිපති කලින් පේපර් එක අරගෙන. අපේ දරුවාට කොළ අමුණ ගන්න වෙලා නෑ. පේපර් එක උදුරලා ගත්තලු. උසස් පෙළ ලියන පළවෙනි දවස අද. විභාගය ළමයින්ට එපා වෙනවා නේ එහෙම වුණාම.”
මේ අතර ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ ස්ථාපිත කර ඇති විභාග මධ්‍යස්ථානයේ සිසුන් දෙදෙනෙකුට චිත්‍ර ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස ලබා දී නොමැති බව වාර්තා වේ.
තමන්ට සිදුවු අසාධාරණය සම්බන්ධයෙන් අදාළ සිසුන් කලාප අධ්‍යාපන කාර්යාලයට ද පැමිණිලි කර තිබේ.
ඒ පිළිබඳව අදාළ සිසුන් දෙදෙනා අද දෙරණට මෙසේ අදහස් පළ කළේය.
“පළවෙනි කොටස දුන්නා. පළවෙනි කොටසේම තව කොටසක් තියෙනවා. මං ඇහුවා තව කොටසක් ඉන්නවා නේද කියලා. ඒ අය නෑ කිව්වා. ආපහු ඇහුවා. තුන්වෙනි පාරත් ඇහුවා නෑ කිව්වා. පැය එක හමාරක් විතර හෝල් එකේ නිකන් හිටියා. අපේ විෂය කරන ගෑණු ළමයි තුන්දෙනෙක් හිටියා. එයාලා හිටියේ පළමුවෙනි හෝල් එකේ. විභාගේ ලියලා එද්දි ඇහුවා දෙවැනි කොටස දුන්නද කියලා. එයාලා කිව්වා දුන්නා කියලා. ඊට පස්සේ තමා අපි කතා කළේ.”
“මම මෙයත් එක්ක ලිව්වේ. මම ඇහුවා දෙවැනි කොටස නැද්ද කියලා. එතකොට මැඩම් කිව්වා ඒක නෑ කියලා. අපි පැය තුනක් තියෙනවා නේ කිව්වහම ඒක කොහොමද දන්නේ නෑ කිව්වා. අපි පැය එක හමාරක් අපි නිකන් හිටියා. අපි එළියට යන්න ද ඇහුවා එපා කිව්වා. එළියට එද්දි ගෑණු ළමයින්ට දෙවැනි කොටස හම්බුණා කිව්වා. ඒ නිසා අපි ගිහින් කිව්වා දෙවැනි කොටස හම්බුණේ නෑ කියලා. ඊට පස්සේ කලාපයෙන් ඇවිත් කිව්වා ඒ මහත්තයා අපේ නම් ගම් ලියාගෙන මේක විභාග කොමසාරිස්ට යවනවා කියලා. විභාග ප්‍රතිඵල ආවට පස්සේ මේකේ මොකක් හරි බලනවා කිව්වා.”
එම සිදුවීම් සම්බන්ධයෙන් “අද දෙරණ” විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩි.ධර්මසේන මහතාගෙන් විමසීමක් කළේය.
ඔහු සඳහන් කළේ, අදාළ මධ්‍යස්ථානවල සේවය කළ විභාග ශාලාධිපතිවරුන් ඇතුළු වගකිව යුතු නිලධාරීන් වහාම ඉවත් කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවය.
“චිත්‍ර විෂය සම්බන්ධයෙන් උපදෙස්වලට පටහැනිව කටයුතු කිරීම නිසා තැන් දෙකක සිදුවීම් දෙකක් වුණා. පැය 3 පේපර් එක පැය 2න් එකතු කළා ළමයි 6 දෙනෙකුට බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ. අනිත් එක තක්ෂිලා විද්‍යාලයේ පැය ගාණ දුන්නට කොටස් දෙක දීලා නෑ. මේ ශාලාධිපතිවරු කියන්නේ විදුහල්පති ශ්‍රේණියේ ගුරු ශ්‍රේණියේ අය, දීර්ඝ කාලීනව දරුවන් එක්ක වැඩ කරන අය. මොවුන් මීට වඩා සැලකිල්ලෙන් වැඩකළ යුතුයි. දරුවන්ගේ අනාගතය එක්ක අපි වැඩ කරන්නේ. ඔවුන්ට ජීවිත කාලේටම විභාග වැඩවලට එන්න බෑ. ලේකම්තුමා උපදෙස් කිව්වා විනය පරීක්ෂණයක් කරන්න. ඒ වගේම දරුවන්ට විශේෂඥ කමිටුවක් පත්කරන්න. ඒ අනුව එය කරගෙන යනවා.”
මේ අතර විභාග රාජකාරියේ නිරත ගුරුවරුන් සඳහා ලබාදෙන දීමනා කප්පාදු කර ඇති බව ලංකා ගුරු සංගමය චෝදනා කරයි.
එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පෙන්වාදෙන්නේ මෙම දීම






















