Tuesday, November 10, 2026
HomeNEWSඅභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය වැදගත් නැහැ - ජනපති

අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය වැදගත් නැහැ – ජනපති

ජනතාවට දුන් පොරොන්දු යථාර්ථයක් බවට පත්කිරීමේ දී පැමිණෙන අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය හෝ වැදගත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එමෙන්ම දෙවසරකට ආසන්න කාලයක් රට වසා තැබීමෙන් බිඳවැටුණු ආර්ථිකය ක්‍රමයෙන් ගොඩනැගෙමින් ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීයවේදීන් සමග කෙරෙන සම්මන්ත්‍රණ මාලාවේ ඊයේ (11) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී පැවති පළමු සාකච්ඡා වටයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ කොවිඩ් වසංගතය පාලනයට අවශ්‍ය පියවර ගනිමින් රටේ සංවර්ධන කාර්යයන් ද සිදු කෙරෙමින් පවතින බවය.

ජනාධිපතිවරයා අපේක්ෂා කරන ඉලක්ක ජය ගැනීමට අවශ්‍ය ශක්තිය ලබාදෙමින් ජාතික වැඩපිළිවෙල විජයග්‍රහණය කරවීමට තවදුරටත් කැපවන බව සාකච්ඡාවට සහභාගී වූ වෘත්තීයවේදීන් මෙහිදී සඳහන් කර තිබේ.

ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල කෙරෙහි බහුතරයක් ජනතාව ධනාත්මකව සිටින බවත් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සිදුකරන අසත්‍ය මතවාද තරයේ ප්‍රතික්ෂේප කරන බවත් රැස්ව සිටි පිරිස සඳහන් කර ඇත.

සමස්ත ලෝකයම දැඩි ආර්ථික අර්බුදයක පසුවන අවස්ථාවක ශ්‍රී ලංකාව ක්‍රමානුකූලව ඉදිරියට යමින් ඇතැයි ද වෘත්තීයවේදීන් පෙන්වා දී තිබුණි.

ජනාධිපතිවරයා ආරම්භ කළ කෘෂිකර්මාන්තයේ නව ප්‍රවේශයට එම ක්ෂේත්‍රවල පූර්ණ කාලීනව නියැලී සිටින පර්යේෂකයින්ගේ සහ ව්‍යවසායකයින්ගේ සහාය ඕනෑම අවස්ථාවක ලබාදීමට සූදානම් බවද ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දී තිබේ.

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇති විද්වතුන්, ඒ වෙනුවෙන් පවතින බාධා ඉවත් කරගැනීමට රජයට කොන්දේසි විරහිතව සහාය පළ කරන බවද අවධාරණය කර ඇත.

අධ්‍යාපන, ප්‍රතිපත්ති, සමාජ විද්‍යා, කෘෂිකර්ම, පර්යේෂණ, ජල සහ පුනර්ජනනීය බලශක්ති, වෛද්‍ය ඉංජිනේරු හා නව නිපැයුම් මෙන්ම ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන පිරිසක් ජනාධිපතිවරයා සමග පැවති මෙම සාකච්ඡාවට එක්වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...

2026 බුකර් ත්‍යාගය එම්. ජෝන් හැරිසන්ගේ “The End of Everything” කෘතියට

2026 බුකර් ත්‍යාගය සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලේඛක එම්. ජෝන් හැරිසන්ගේ (81) "The End of Everything" කෘතිය නම් කරයි.

නීති පද්ධතියක් හරහා දේශපාලන පළිගැනීම් සිදුකිරීමට රජය කටයුතු කරනවා- විපක්ෂ නායක සජිත්

ජාතික ආරක්ෂාවේ නාමයෙන් රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස ලක්ෂ 220ක් ජනතාවට මූලික හා...

ලෝක වෙළඳපොළෙහි බොරතෙල් මිල පහළට

ඇමරිකා - ඉරාන සාම සාකච්ඡා පිළිබඳ ඇති වූ සුභවාදී බලාපොරොත්තු හේතුවෙන් ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 7% කින් පමණ පහත වැටී ඇ.ඩො 93...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img