සටන් විරාමයක් ප්රකාශයට පත්කළ යුක්රේනයේ මරිපොල් සහ වොල්නොවාකා නගරවල සටන් විරාමය බිඳවැටී ඇති බව යුක්රේන බලධාරීන් පවසයි.
එහෙත් රුසියාව පවසන්නේ යුක්රේන ජාතිකවාදී සටන්කාමීන් විසින් ප්රහාර එල්ල කිරීම හේතුවෙන් උපක්රමික ප්රහාර එල්ල කිරීමට සිදුවූ බවය.
රුසියාව එම නගර අත්පත් කර ගැනීම සඳහා සූදානමින් පසුවන අතර ජනතාවට ඉවත්වීම සඳහා පැය 05ක සටන් විරාමයක් ඊයේ (05) ප්රකාශයට පත් කළේය.
දකුණුදිග යුක්රේනයේ මරිපෝල් නගරයට විදුලිය සහ ජලය ඇතුළු පහසුකම් නොමැතිවීමෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බව නගරාධිපතිවරයා පවසයි.
ඔහු ප්රකාශ කළේ ලක්ෂ 4කට ආසන්න ජනගහණයක් සිටින නග






















