දැනට මතුව ඇති අර්බුදකාරි වාතාවරණය හමුවේ මෙරට තුළ යුක්රේනයේ තනාපති කාර්යාලයක් තාවකාලිකව ආරම්භ කිරීමට පියවර ගන්නා බව සංචාරක අමාත්‍යංශ ලේකම් අචාර්යය එස්.හෙට්ටිආරච්චි මහතා පවසයි.
මෙරට රැඳි සිටින යුක්රේන ජාතකයින්ගේ වීසා ගැටලුව ඇතුළු අනෙකුත් ප්‍රශ්න විසඳීම සඳහා මෙම පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් “අද දෙරණ” සමග අදහස් දැක්වු සංචාරක අමාත්‍යංශ ලේකම් ආචාර්යය එස්. හෙට්ටිආරච්චි මහතා,
“අපි එහෙම අවශ්‍යතාවල ඩේටාබේස් එකක් පවත්වාගෙන යනවා. ඒ එක්කම අපිට දැනගන්න තිබුණ ආකාරයට මෙහෙ තානාපති කාර්යාලයක් නැහැ. දිල්ලියෙන් තමා ක්‍රියාත්මක වෙන්නේ. යුක්රේනය පැත්තෙන් අපිට ස්තූති කරලා එවලා තියෙනවා ශ්‍රී ලංකා ආණ්ඩුවට අපි ගත්ත ක්‍රියාමාර්ගය ගැන. ඉදිරි සතිය තුළ යුක්රේනවලින් තාවකාලිකව මෙහෙ කාර්යාලයක් පිහිටවයි එයාලගේ වීසා හා එයාලගේ අනෙකුත් සම්බන්ධීකරණ කටයුතු කරගෙන යන්න. එහෙම වුණොත් අපිට තවත් පහසුවෙනවා. ඒත් එක්කම අපි කතා කරා එන එන අවශ්‍යතාවය අනුව ඔවුන්ට යම්කිසි ආකාරයක සහනයක් ඕනේ නම් ඒ සම්බන්ධයෙන් අපි දැනට කටයුතු කරගෙන යනවා. තානාපති කාර්යාලයෙන් සම්බන්ධීකරණ කාර්යාලයක් කොළඹ පිහිටවෙව්වට පස්සේ තවදුරටත් මේ වැඩපිළිවෙල කරන් යන්න පහසුවෙයි.”






















