කුඩු සෙල්වි නැමැති කාන්තාව සමඟ තවත් කාන්තාවක් අයිස් සහ ගංජා මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඔරුගොඩවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිදුකළ විශේෂ සොදිසි මෙහෙයුමකදී මෙම සැකකාරියන්ව අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
එහි දී, ඔවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලි ග්‍රෑම් 350ක්, අයිස් මත් ද්‍රව්‍ය අලෙවියෙන් උපයාගත් රුපියල් 15,180 මුදලක් සහ කේරළ ගංජා ග්‍රෑම් 32 ක් සොයාගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි සහ 40 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකි.
වැඩිදුර විමර්ශන කටයුතු ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් සිදුකරයි.






















