මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ මස මැදදී ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.
ඉන්දීය විදේශ කටයුතු ඇමති ආචාර්ය එස්.ජයශංකර් මහතා සමග බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා දුරකථන සංවාදයක නිරතව ඇති අතර එහිදී මෙම සංචාරය සම්බන්ධයෙන් තීරණය වී ඇති බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.






















