ත්රිකුණාමලය, කින්නියා වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (07) රාත්රියේ කින්නියා පොලිස් වසමේ මහාමාරු නවඋත්තු සුනාමි ගම්මානයේදී යතුරුපැදියකින් ගමන්ගත් පුද්ගලයින් දෙදෙනෙකුට ඔවුන් පිටුපසින් පැමිණි තවත් යතුරුපැදියක සිටි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා තිබුණි.
එම වෙඩි තැබීමෙන් තුවාල ලැබු අවුරුදු 30ක හා 33ක් වු පුද්ගලයින් දෙදෙනෙක් කින්නියා රෝහලට ඇතුළ කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා ත්රිකුණාමලය රෝහල වෙත ඇතුළත් කර තිබුණි.
අපරාධය සිදුවු ස්ථානයේ හිස් පතරොම් කොපු 3ක් පොලීසිය විසින් සොයාගෙන තිබු අතර දෙපාර්ශවය අතර පුද්ගලික ආරවුලක් මත වෙඩි තැබීම සිදුව ඇතැයි අනාවරණය වී තිබේ.
තුවාලකරුවන්ගේ ප්රකාශ මත වෙඩි තැබීමට පැමිණි යතුරුපැදියේ තිදෙනෙකු සිටි බවට ප්රකාශ කර ඇත.
ඒ අනුව අද (08) උදෑසන කින්නියා පොලීසිය විසින් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අවුරුදු 30, 43 හා 54 යන වයස්වල පසුවන එම ප්රදේශයේම පදිංචිකරුවන්ය.
වෙඩි තැබීමට යොදාගත් බවට සැක ටී 56 ගිනිඅවියක්, පතරොම් ගැබක් සහ සජීව පතරොම් 9ක් නන්ඩුකුඩා කලපුව අසල සඟවා තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.
සැකකරුවන් සම්බන්ධයෙන් කින්නියා පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.






















