Monday, November 9, 2026
HomeNEWSකාබනික පොහොර වැඩසටහන - දිවුලපිටිය

කාබනික පොහොර වැඩසටහන – දිවුලපිටිය

අතිගරු ජනාධිපතිතුමාගේ කාබනික පොහොර සංකල්පය ක්‍රියාවට නංවමින්
දිවුලපිටිය, වල්පිට කොම්පෝස්ට් අංගනයේ කාබනික පොහොර අලෙවිය ආරම්භ කිරීම
සහ දිවුලපිටිය, නාවාන කොම්පෝස්ට් අංගනයේ නව කාබනික පොහොර අලෙවිසැල
විවෘත කිරීම සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැතිතුමාගේ සහ ග්‍රාමීය නිවාස
හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික
අනුරුද්ධ මැතිතුමාගේ සහභාගීත්වයෙන් ඊයේ (07) දින සිදු කෙරිණි.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති
ප්‍රකාශයේ සදහන් වන කාබනික පොහොර සංකල්පය රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ
මහතාගේ මැදිහත්වීමෙන් දිවුලපිටිය ආසනය තුළ ඉතා සාර්තකව මේ වනවිට ක්‍රියාත්මක
කරමින් පවතියි.
වල්පිට කොම්පෝස්ට් අංගනය, නාවාන කොම්පෝස්ට් අංගනය සහ කාබනික පොහොර යොදා
ගනිමින් මෙහි සාර්ථකව සිදු කළ එළවළු වගාවන්ද අමාත්‍යවරුන් විසින් නිරීක්ෂණයට ලක්
කෙරිණි.
අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව රජය විසින් ක්‍රියාත්මක කළ රැකියා ලක්ෂයේ
වැඩසටහන යටතේ බඳවා ගත් බහුකාර්ය සංවර්ධන සහයක නිලධාරීන් 50 දෙනෙකු විසින්
දිවුලපිටිය, වල්පිට කොම්පෝස්ට් අංගනයේ කාබනික පොහොර නිෂ්පාදන කටයුතු මේ වන විට
සිදු කරනු ලබයි.

ප්‍රවෘත්ති නිවේදන අංක –

114

මෙම අවස්ථාවට දිවුලපිටිය ප්‍රාදේශිය සභාවේ සභාපති ඉන්දික ජයසිංහ මහතා හා එහි
මන්ත්‍රීවරුන් සහ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්. ඩබ්ලිව්. එම්. ඩී. කුමාරි මහත්මිය ඇතුළු
නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිවිසුම් කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රුපියල් බිලියන 30කට ආසන්නයි – COPE

සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ ගිවිසුම් හා බැඳුම්කර කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රුපියල් බිලියන 30කට ආසන්නයි – COPE කමිටුවේදී අනාවරණය වෙයි. සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ...

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය හෙවත් Hongqiao ජාත්‍යන්තර ආර්ථික සාකච්ඡා සභාවේ සමාරම්භක උත්සවය ශංහයිහිදී පැවැත්වුණා. පසුගිය(5)...

2025 පැවැති 5.8%ක සංවර්ධනය 2026 වන විට 4.2% දක්වා අඩුවී තිබෙනවා-ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයක්...

අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්

දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල, කටාන සහ වත්තල ප්‍රා.ලේ. කොට්ඨාශවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img