අමෙරිකානු ජාතික පරිඝනක විද්‍යාඥයෙකු වූ ස්ටීවන් විල්හයිට් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඔහු 74 වන වියෙහි පසුවිය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ස්ටීවන් විල්හයිට් මහතා කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මියගොස් ඇති බවය.
ස්ටීවන් විල්හයිට් මහතා ලොව පුරා ජනප්‍රිය වූයේ පරිඝනක ලෝකයම ආක්‍රමණය කළ “GIF” නිර්මාතෘවරයා ලෙසය.
ඔහු 1987 වසරේදී මෙම Graphics Interchange Format නොහොත් “GIF” ආකෘතිය නිර්මාණය කර තිබේ.
අනතුරුව 2010 වසරවන විට “GIF” අන්තර්ජාලය ආක්‍රමණය කිරීමට සමත් විය.
එසේම ස්ටීවන් විල්හයිට් මහතා නිහතමානී මිනිසෙකු ලෙස ලෝකයේම ආදරය දිනා ගැනීමට සමත්ව තිබීම විශේෂත්වයකි.
ලොව පුරා වඩාත් ජනප්‍රියතාවයට පත් වූ “GIF” කිහිපය පහතින්.






















