පවතින විවිධ තත්ත්වයන් මත පෙට්‍රල් ඉන්ධන ආශ්රිත පිළිස්සුම් හේතුවෙන් සිදුවන අනතුරු භයානක ලෙස ඉහළගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ප්ලාස්ටික් ශෛල්‍ය වෛද්‍ය ගයාන් මුණසිංහ මහතා පැවසීය.
ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ මේ වනවිට දිනකට පුද්ගලයන් 4 ත් 6ත් අතර සංඛ්‍යාවක් පෙට්‍රල් ඉන්ධන ආශ්රිත පිළිස්සුම් හේතුවෙන් රෝහල්ගත වන බවය.
මෙම රෝගීන් අතරින් සියයට 20ක ප්‍රමාණයක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වන බවද ගයාන් මුණසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
ජාතික රෝහලේ දත්ත මත පදනම්ව අදහස් දක්වමින් ගයාන් මුණසිංහ මහතා පැවසුවේ දින දෙකකට එක් පුද්ගලයෙකු බැගින් මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වන බවය.
මේ හේතුවෙන් නිවෙස් තුළ පෙට්‍රල් ඉන්ධනය ගබඩා කිරීමෙන් වළකින ලෙස ගයාන් මුණසිංහ මහතා සියලුදෙනාගෙන් ආයාචනා කර සිටීම ද විශේෂත්වයකි.






















