Sunday, November 8, 2026
HomeNEWSදුම්රිය ගාස්තු වැඩිවීම ඇමති අත්හිටුවයි

දුම්රිය ගාස්තු වැඩිවීම ඇමති අත්හිටුවයි

විශේෂ දුම්රිය හා නගරාන්තර දුම්රිය ගාස්තු අද (24) රාත්‍රීයේ සිට වැඩි නොවන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අදාළ ගාස්තු සංශෝධනයට ගෙන තිබූ තීරණය දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට දැනුම්දී තමා අත්හිටවූ බවය.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අවශ්‍ය තොරතුරු අමාත්‍යාංශයට ලැබීමට පෙර එසේ ගාස්තු සංශෝධනයට තීරණය ගෙන තිබූ බවය.

ඒ අනුව ගාස්තු සංශෝධනය ගැන අද රාත්‍රියේ සාකච්ඡා කරන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඉන්පසු ලබන සඳුදා හෝ අඟහරුවාදා අවසන් තීරණය දැනුම් දීමට කටයුතු කරන බවද අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

දුම්රිය ගාස්තු වැඩි කරනුයේ ඉන්ධන මිල වැඩිවීම පියවා ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට පමණක් බවද ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...

මන්නාරම – මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වේ

මන්නාරම - මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වේ. ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ගරු බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08)...

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළට

දේශීය සහ ආනයනික සිමෙන්ති කොට්ටයක මිල (50kg) රු.100 කින් ඉහළට: සිමෙන්ති සමාගම්.

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img