Sunday, November 8, 2026
HomeNEWSවසර 12ක ප්‍රේමය ජීවිත 3ක් අහිමි කරමින් නිමා වෙයි

වසර 12ක ප්‍රේමය ජීවිත 3ක් අහිමි කරමින් නිමා වෙයි

කටුගස්තොට මැණික්කුඹුර ප්‍රදේශයේ නිවසක අද (24) පෙරවරුවේ හටගත් ගින්නකින් නිවසේ සිටි පියා, දියණිය සහ තරුණයෙකු පිළිස්සී මියගොස් තිබුණි.

අනතුරින් බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ මව රෝහල්ගත කෙරුණි.

මෙම නිවසේ ගින්න හටගෙන තිබුණේ අද පෙරවරු 06 ට පමණය.

එම අවස්ථාවේ මව, පියා සහ දියණිය නිවසේ රැඳී සිට ඇති අතර නිවසට පැමිණ සිටි තරුණයෙකු ද ගින්නට හසුව තිබුණි.

ගින්නෙන් පියා, දියණිය සහ අදාළ තරුණයා එම ස්ථානයේදීම මියගිය අතර මව බරපතළ පිළිස්සුම් තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කෙරුණි. 

මහනුවර ගිනිනිවීමේ ඒකකය පැමිණ ගින්න නිවා දැමීමට පියවර ගත්තත් ඒ වනවිටත් නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී අවසන්ය.

මියගියේ 71 හැවිරිදි මුත්තතම්බි ඊස්වර දේවන්, 30 හැවිරිදි ඊස්වර දේවන් චන්ද්‍රවානි සහ බාබු නමැති තරුණයෙකි. 

පොලීසිය පවසන්නේ, මියගිය ඊස්වර දේවන් චන්ද්‍රවානි සහ නිවසට පැමිණි බාබු නමැති තරුණයා අතර වසර 12ක පමණ ප්‍රේම සබඳතාවක් තිබී ඇති බවය.

එම සබඳතාව නැවැත්වීමට තරුණිය තීරණය කිරීමත් සමග වරින්වර ඔවුන් අතර ඇතිවූ ආරවුල් සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි ද ඉදිරිපත් වී තිබුණි.

තුවාල ලබා රෝහල්ගතව සිටින මව පොලීසියට පවසා ඇත්තේ, සිය දියණිය වෙනත් විවාහයකට සූදානම්ව සිටි අතර ඒ බව දැනගත් තරුණයා ඊයේ පස්වරුවේ නිවසට පැමිණ තර්ජනය කළ බවය.

අනතුරුව කෑන් එකක් ද රැගෙන අද අලුයම නිවසට පැමිණි ඔහු, සිය දියණිය සහ සැමියා නිදා සිටි කාමරයට ගොස් ගිනි තබාගත් බව මව පොලීසියට පවසා තිබේ.

පොලීසිය පවසන්නේ, තරුණයා රැගෙනවිත් ඇත්තේ පෙට්‍රල් කෑන් එකක් බවට සැකකෙරෙන බවය. 

සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...

මන්නාරම – මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වේ

මන්නාරම - මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වේ. ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ගරු බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08)...

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළට

දේශීය සහ ආනයනික සිමෙන්ති කොට්ටයක මිල (50kg) රු.100 කින් ඉහළට: සිමෙන්ති සමාගම්.

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img