Sunday, November 8, 2026
HomeNEWSජනාධිපති කොමිෂන් සභාවේ සාමාජිකයින් මුලතිව් සංචාරයක

ජනාධිපති කොමිෂන් සභාවේ සාමාජිකයින් මුලතිව් සංචාරයක

පූර්වගාමී කොමිෂන් සභා හා කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සොයාබැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ සාමාජිකයින් මුලතිව් දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වීමට නියමිතය.

ලබන අප්‍රේල් මස මුල් සතියේ දී මුලතිව් දිස්ත්‍රික්කයේ යුද සමයේ අතුරුදන්වූවන්ගේ පවුල්වල ඥාතීන් හමුවී සාකච්ඡා කිරීමට ජනාධිපති කොමිසම තීරණය කර ඇත.

මීට පෙර පත් කරන ලද කොමිෂන් සභා සහ කමිටු මගින් මෙතෙක් සාධාරණ විසදුම් නොලැබීම හමුවේ මුලතිව් දිස්ත්‍රික්කයේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ විමසා බලා ඔවුන්ගෙන් සාක්ෂි ලබාගැනීම මෙහිදී සිදුකිරීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්. නවාස්, හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු, හිටපු දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි සහ හිටපු නගරාධිපති යෝගේෂ්වරන් සද්ගුණරාජා යන මහත්ම මහත්මීන් ජනාධිපති කොමිෂන් සභාවේ සාමාජිකයින් වේ.

 ජනාධිපති කොමිසමේ සාමාජිකයින් පසුගියදා උතුරු ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් යාපනය සහ කිළිනොච්චිය දිස්ත්‍රික්කවල අතුරුදන්වූවන්ගේ පවුල්වල ඥාතීන් 100 කට ආසන්න පිරිසකගේ අදහස් විමසීමක් සිදුකළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මන්නාරම – මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වේ

මන්නාරම - මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වේ. ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ගරු බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08)...

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළට

දේශීය සහ ආනයනික සිමෙන්ති කොට්ටයක මිල (50kg) රු.100 කින් ඉහළට: සිමෙන්ති සමාගම්.

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img