Sunday, November 8, 2026
HomeNEWSදරුවන්ගේ සෞඛ්‍ය ගැන අනතුරු ඇඟවීමක්

දරුවන්ගේ සෞඛ්‍ය ගැන අනතුරු ඇඟවීමක්

පවතිව උෂ්ණාධික කාලගුණ තත්ත්වය හේතුවෙන් කුඩා දරුවන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

උෂ්ණාධික තත්ත්වය හේතුවෙන් දරුවන් විජලනයට ලක්වීමේ හැකියාව පවතින බැවින් ඔවුන්ට වැඩි වශයෙන් ජලය පානය කිරීමට සැලැස්විය යුතු බව ඔහු කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය දීපාල් පෙරේරා මහතා,

“ඇඟපත අමාරුව, හිසරදය, දාඩිය බිබිලි දාන එක, මහන්සිය වැඩිකම, ඊට අමතරව හුස්ම ගැනීමේ අපහසුව, වතුර තිබහා වැඩිවීම, මෙවැනි රෝග ලක්ෂණ  කිහිපයක්ම දරුවෝ මේ දවස්වල දෙමාපියන් සමග කියනවා. වෛද්‍යවරු සමගත් කියනවා.  මේකට හේතුවක් විදිහට අපි දකින්නේ විජලනය. මේකට කළ යුත්තේ අපි වැඩිය වතුර බොන්න ඕනේ. වෙනදා එක වතුර බෝතලයක් දරුවෙකුට දීලා පාසල් යැවුවානම් මේ දවස්වල විශේෂයෙන්ම වතුර බෝතල් දෙකක් යවන්න. වතුර බොන එන විතරක් නෙමෙයි. මේ දවස්වල වතුරේ ඉන්න එකත් වැදගත්. දාඩිය බිබිලි වැඩිවෙන්න එක හේතුවක් තමයි නෑම සීමා කිරීම. ඉතින් ඒක නිසා නාන්න බය වෙන්න එපා. කැස්ස ‍හෙම්බිරිසාව මොනදේ තිබුණත් දරුවන්ව නාවන්න. විශේෂයෙන්ම හමේ රෝග තියෙන අය රෝග වැඩිවෙන්න පුළුවන් මේ රස්නෙත් එක්ක. වතුරේ ඉන්න වෙලාවේදී විනඩි 20ක් උදේට වතුරේ ඉන්න.  විනාඩි 20ක් දවල් වරුවේ වතුරේ ඉන්න. විශේෂයෙන්ම දරුවන්නව වැඩි කාලසීමවක් වතුරේ සෙල්ලම් කරන්න වැඩි ඉඩකඩ ලබාදෙන්න.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මන්නාරම – මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වේ

මන්නාරම - මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වේ. ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ගරු බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08)...

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළට

දේශීය සහ ආනයනික සිමෙන්ති කොට්ටයක මිල (50kg) රු.100 කින් ඉහළට: සිමෙන්ති සමාගම්.

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img