Sunday, November 8, 2026
HomeNEWSIMF වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදයක්

IMF වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව සම්බන්ධයෙන් අප්‍රේල් පළමු සතියේ පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී විවාදයක් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව දැනුම් දී ඇත.

මේ අතර අද (27) උදෑසන නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්තාව සම්බන්ධයෙන් වහාම පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට කටයුතු කළ යුතු බවය.

රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්තාව සම්බන්ධයෙන් රජය සිය සැලැස්ම ඉදිරිපත් කිරීම අතිශය වැදගත් බවය.

මේ අතර, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, IMF වාර්තාව සම්බන්ධයෙන් වහාම පක්ෂ නායක රැස්වීමක් කැඳවා පාර්ලිමේන්තු විවාදයක් පවත්වන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලූ බවය.

එමෙන්ම එළැඹෙන අප්‍රේල් මස 5 වන දින ආරම්භ වන පාර්ලිමේන්තු සතියේ එක්දිනයක් එම පැවැත්වීමට ලබාදෙන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලු බව ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මන්නාරම – මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වේ

මන්නාරම - මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වේ. ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ගරු බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08)...

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළට

දේශීය සහ ආනයනික සිමෙන්ති කොට්ටයක මිල (50kg) රු.100 කින් ඉහළට: සිමෙන්ති සමාගම්.

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img