Sunday, November 8, 2026
HomeNEWSමුදල් අමාත්‍යාංශය අගමැතිවරයාට භාරදෙන්න -මුරුත්තෙට්ටුවේ හිමි

මුදල් අමාත්‍යාංශය අගමැතිවරයාට භාරදෙන්න -මුරුත්තෙට්ටුවේ හිමි

ආණ්ඩුව කෙරෙහි ගොඩනැගී ඇති ජනතා අප්‍රසාදය අවම කිරීමට නම් මුදල් අමාත්‍යධුරය අග්‍රාමාත්‍යවරයාට භාර දිය යුතු බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ ඒ බව සඳහන් කළහ.

“ජනතාව ආණ්ඩුවක් පත්කර ගත්තේ පෝලිම්වල ඉන්නවත්, කරුවලේ ඉන්නවත්, පයින් ඇවිදින්නවත් නෙමෙයි. මේ රට දියුණු කරලා ලස්සන ශ්‍රී ලංකාවක් ගොඩ නගන්නට තමයි ජනතාවගේ අපේක්ෂාව තිබුණේ. නමුත් අද 69 ලක්ෂයක් බලය දුන්නට, 69 ලක්ෂයට ඇහුම්කන් නෙමෙයි දෙන්නේ. එක පුද්ගලයෙකු ට  අද අහුම්කන් දීලා ඒ පුද්ගලයාගේ වැඩ කරගෙන යන්නේ. ඒ නිසා මේ ජනතා අප්‍රසාදය වැඩි වෙලා තිබෙනවා. අද මිනිස්සුගේ තිබෙන අප්‍රසාදය කලකිරීම පුළුවන් තරම් අඩුකරන්න බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයාට වෙන සංවර්ධන අටයුත්තක් භාරදීලා, මුදල් අමත්‍යාංශයේ කටයුතු ටික අග්‍රාමාත්‍යවරයාට භාර දීලා, අග්‍රාමාත්‍යවරයාට මේ රට ගෙනියන්නට අවස්ථාවක් ලබාදෙන්න. ගෝඨභය රාජපක්ෂ මහතා ජනාධිපතිකම හොබවන්නට කියෙන එක තමයි අපේ එකම ඉල්ලීම. මේ පෝලින් යුඟය තවදුරටත් ගමන් කළොත් මම හිතනවා අපේ ජනතාවට කබලෙන් ළිපට වැටෙන්නට සිදුවෙයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මන්නාරම – මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වේ

මන්නාරම - මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වේ. ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ගරු බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08)...

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළට

දේශීය සහ ආනයනික සිමෙන්ති කොට්ටයක මිල (50kg) රු.100 කින් ඉහළට: සිමෙන්ති සමාගම්.

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img