Sunday, November 8, 2026
HomeNEWSරෝහල්වල ගෑස් අර්බුදයක් නෑ -සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

රෝහල්වල ගෑස් අර්බුදයක් නෑ -සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

ගෑස් හිඟය හේතුවෙන් රෝහල් කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති බවට ඇතැම් වෘත්තීය සමිති විසින් සිදුකරන ප්‍රකාශ සාවද්‍ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, රෝහල් පද්ධතිය වෙත ප්‍රමුඛත්වය ලබාදී අඛණ්ඩව ගෑස් බෙදාහැරීම සිදුකරන බවට රෝහල් අධ්‍යක්ෂවරුන් ඇතුළු බලධාරීන් සමග සිදුකළ සාකච්ඡාවේදි අනාවරණය වු බවය.

කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

“මුළු ලංකාවේම ඉන්න ආයතන ප්‍රධානීන් ඒ වගේම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු, ප්‍රාදේශීය සේවා අධ්‍යක්ෂවරු එක්ක අපි කතා කරා. ඔවුන් ට ඒ ගෑස් ගෙන්වන අය රෝහලට ප්‍රමුඛත්වය ලබාදීලා මේ වෙනකල් නම් ගෑස් ලබාදීලා තියෙනවා. ඒ නිසා ඒ රෝහල්වලට එහෙම දැඩි අර්බුදයක් ආවේ නෑ. සමහර වෙලාවට පොඩි ගෑස් හිඟයක් එන්න තිබුණ තැන් තියෙන්න ඇති නමුත් අපි සාකච්ඡා කරපු වෙලාවේ දී ඒ සියලුදෙනාම කිව්වේ එහෙම ගෑස් හිඟයක් බලපෑවේ නෑ. ඒ නිසා රෝගීන්ට උයලා දෙන එක ගැන ප්‍රශ්නයක් මේ වෙනතෙක් ඇති වෙලා නෑ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මන්නාරම – මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වේ

මන්නාරම - මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වේ. ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ගරු බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08)...

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළට

දේශීය සහ ආනයනික සිමෙන්ති කොට්ටයක මිල (50kg) රු.100 කින් ඉහළට: සිමෙන්ති සමාගම්.

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img