රුපියල් මිලියන 100ක පමණ වටිනාකමක් ඇති බව පැවසෙන ගංජා තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
මීගමුව කලපු සීමාව ආසන්නයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
පොලීසිය සඳහන් කළේ එහිදී ගංජා කිලෝ 250ක් සමග සුඛෝපභෝගී මෝටර් රථයක් ද පොලිස් භාරයට ගත් බවය.






















