ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එළඹෙන මැයි මාසයේදී බංගලාදේශයේ ටෙස්ට් තරග සංචාරයක් සඳහා එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
මෙම සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට සැලසුම්කර තිබේ.
ICC ලෝක ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු තරගය මැයි මස 15 වනදා සිට 19 වනදා දක්වා Chattogram හිදී පැවත්වෙනු ඇති.
එහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය මැයි මස 23 වනදා සිට 27 වනදා දක්වා ඩකාහිදී පැවත්වීමට කටයුතු සැලසුම්කර ඇත.























