හබල් දුරේක්ෂය මගින් මෙතෙක් නිරීක්ෂණය කළ වඩාත් දුරින්ම ඇති ආකාශ වස්තුව පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.
එම දීප්තිමත් තාරකාව ආලෝක වර්ෂ බිලියන 28ක් පමණ දුරින් පිහිටා ඇති බව සඳහන් වෙයි.
අපගේ සූර්යයාට වඩා 50 – 500 අතර එය විශාල වියහැකි බව අනුමාන කෙරෙන අතර එය සූර්යයාට වඩා මිලියන ගණනක් දීප්තියකින්ද යුක්ත ය.
මහා පිපිරුම (Big bang) සිදුවී වසර 900කට පසුව නිරීක්ෂණය වී ඇති වඩාත් දුරකින්ම පිහිටි තාරකාව ලෙස එය සැලකෙයි.
තාරකා විද්‍යාඥයින් එය නම්කර ඇත්තේ Earendel නමිනි. එහි තේරුම ලෙස “උදෑසන තරුව” හෝ “නැගී එන එළිය” සඳහන් වෙයි.
එම තොරතුරු නේචර් සඟරාවේ පළකර තිබුණි.
Earendel නිරීක්ෂණය වීම මගින් විශ්වයේ මුල් අවදියේ තොරතුරු පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට අවස්ථාව ලැබෙතැයි විද්‍යාඥයෝ පවසති.






















