Sunday, November 8, 2026
HomeNEWSඅරාබි වසන්තයේ ශ්‍රී ලංකා සංස්කරණයට ගොදුරු වන්න එපා - ජා.නි.පෙ

අරාබි වසන්තයේ ශ්‍රී ලංකා සංස්කරණයට ගොදුරු වන්න එපා – ජා.නි.පෙ

ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සමාජ ජාලා ඔස්සේ සංවිධානය කෙරෙන විරෝධතාවයකට සහයෝගය දෙන බවට සමාජ ජාලා මගින් සිදුකෙරෙන ප්‍රචාරයන් සම්පූර්ණයෙන් අසත්‍ය බව නිවේදනයක් නිකුත් කරමින් ජාතික නිදහස් පෙරමුණ පවසයි.

අදාළ නිවේදනය මගින් ජාතික නිදහස් පෙරමුණ වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ වගකිවයුත්තකු,  සංවිධායකයකු නොමැති විරෝධතා කෙරෙහි බලවත් අවධානය යොමු විය යුතුව ඇති බවය.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්.

“ශ්‍රී ලංකාව සිය ඉතිහාසය තුළ බරපතළම ආර්ථික අර්බුදයට පත්ව ඇති මේ මොහොතේ එමඟින් සමාජයේ සෑම ජන කොටසක්ම දැඩි පීඩාවට පත්ව තිබේ. එම අර්බුදයෙන් රට ගොඩගැනීම ඉලක්ක කරගත් “මුළු රටම හරිමගට” ජාතික වැඩපිළිවෙළ ජාතික නිදහස් පෙරමුණ ඇතුළු ආණ්ඩුව නියෝජනය කරනු ලබන පක්ෂ එකොළහ විසින් කඩිනමින් ඉදිරිපත් කරනු ලැබුවේ ඒ කෙරෙහි අප බලවත් සේ සවිඥානක නිසාය.”

“වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ පරාජයට පත්කොට නව ගමන් මඟකට මුලපිරීමට මේ පිළිබඳ සවිඥානක දේශපාලඥයන් සියල්ලටම අප ඇරයුම් කොට ඇත්තේ ද “මුළු රටම හරි මගට” ගැනීමට මිස පටු දේශපාලන වාසි ලබා ගැනීමට නොවේ. මෙවැනි මොහොතක දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා සාමාන්‍ය ජනතාවට  එම අර්බුදයට විසඳුම් ඉල්ලා  විරෝධය පෑමේ අයිතියට අපි ගරු කරන්නෙමු. එහෙත් වගකිවයුත්තකු,  සංවිධායකයකු නොමැති විරෝධතා කෙරෙහි අපගේ බලවත් අවධානය යොමු විය යුතුව තිබේ. “අප්‍රේල් 03 දා සවස 03ට පාරට බහින්න” නම් විරෝධතාව ද එවැන්නෙකි. එවැනි විරෝධතාවන් පිටුපස සැඟවුණු න්‍යාය පත්‍රයන් පැවතිය හැකිය.”

“එම විරෝධතාව සම්බන්ධයෙන් පළමුව පැවසියයුත්තේ ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා එම විරෝධතාවට සහයෝගය දෙන බවට සමාජ ජාලා මගින් සිදුකෙරෙන ප්‍රචාරයන් සම්පූර්ණයෙන් අසත්‍ය බව ය. එසේ ම ජාතික නිදහස් පෙරමුණ හෝ පක්ෂ 11ක එකමුතුව ද එම විරෝධතා ව්‍යාපාරයට කිසිදු ලෙසකින් සම්බන්ධ නොමැති බව ද ඉතා වගකීමෙන් දැනුම් දෙන්නෙමු.”

“කෙසේ වුවද රාජිත සේනාරත්න සහ සජිත් ප්‍රේමදාස යන දේශපාලඥනයන් විවෘතවම මෙම විරෝධතාවට සහභාගි වන බව පැවසීම මගින් මෙය සමගි ජන බලවේගය මෙහෙයවන විරෝධතාවයක් බව බොහෝ දුරට තහවුරු වෙමින් පවතී. රට අද පවතින තත්වයට ණය උගුලක සිර කරවීමට මූලික වූ එජාපයේ වත්මන් දිගුව වන “සජබ විරෝධතාවන්ට” අපි කිසිදු ආකාරයක සහයෝගයක් ලබා නොදෙන බව ද අවධාරණය කිරීමට කැමැත්තෙමු. එසේම මෙම  “අරාබි වසන්තයේ ශ්‍රී ලංකා සංස්කරණයට” හසු නොවන ලෙස ආණ්ඩු විරෝධී සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින්නෙමු.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img