ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මක වන වෘත්තීය සමිතිවලට විරුද්ධව කිසිවක් ප්‍රකාශ නොකර ධුරයේ කටයුතු කළ නොහැකි නම් ඉන් ඉල්ලා අස්වන ලෙස වනජීවි අමාත්‍යවරයා තමාට බලපෑම් කළ බව එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, ෂර්මිලා රාජපක්ෂ මහත්මිය පැවසුවාය.
හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය අද දෙරණ ‘බිග් ෆෝකස්’ සංවාදයට එක්වෙමින් මෙම අදහස් පළ කළාය.
“ඇමති මට ඉල්ලා අස්වෙන්න කිව්වා. නැත්තම් හොර මැරකම් දැක්කේ නෑ වගේ වැඩ කරන්න කිව්වා. මම කිව්වා ඒ වැරදි තීරණය කැබිනට් මණ්ඩලයට ගන්න කියන්න කියලා.”
“සත්වෝද්‍යානය ඇතුළේ කාබනික පොහොර ව්‍යාපෘතියක් කරගෙන ගිහින් තියෙනවා හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියගේ වාචික අවසරය ඇතුව. මම ගියාම මගෙන් වාචික අවසරය ඉල්ලුවා.”
“මේ අය සත්ත්ව වසුරු භාවිත කරනවා මේ ව්‍යාපෘතියට. පොහොර පර්යේෂණ ආයතනයට මම කතා කරලා මේ අයව සම්බන්ධ කරලා දුන්නා.”
“පස්සේ වෘත්තීය සමිතියේ සභාපති මට ඇවිත් කියනවා මේ ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යන්නේ නෑ කියලා ඒ අය තීරණය කළා කියලා.”
“ඊට පස්සේ ගිණුම් පරීක්ෂා කරගෙන යනකොට තේරුණා මේකෙන් හම්බකරපු සල්ලි ඔක්කොම පෞද්ගලික පරිහරණයට අරගෙන කියලා.”
“සත්වෝද්‍යානයේ ඉන්න සත්තුන්ගේ ආහාර ටෙන්ඩර් අරන් තියෙන්නේ සේවකයින්ගේ පවුල්වල සාමාජිකයින්. සැමියා ඇතුළේ වැඩ නම් බිරිඳව දාලා.”
“මම මේවා හොයන්න ගත්තාම මාව නරක් වුණා. “
සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ මහත්මිය සහ එම දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති අතර පසුගිය කාලයේ දිගින් දිගටම මතභේදාත්මක තත්ත්වයන් ඇති වූ අතර ඇය එම තනතුරින් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය පසුගිය සඳුදා තීරණය කර තිබුණි.






















